Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පළමු රන් පදක්කම චීනයට

පළමු රන් පදක්කම චීනයට

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී දැන් පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට මීටර 10 වායු රයිෆල් ඉසව්වට සහභාගි වූ චීන කාන්තා වෙඩි තැබීමේ කණ්ඩායම අද (20) සමත් විය. එහි රිදී පදක්කම චීන තායිපේ පිලට ද, ලෝකඩ පදක්කම මොන්ගෝලියාවට හිමිවිය.

දකුණු ආසියාවේ ප‍්‍රබලයා වන ඉන්දියාවේ මීටර 50 පිස්තෝල පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් පළමු රන් පදක්කම වාර්තා කළේය.   

ශ‍්‍රී ලංකා පළමු සහභාගිත්වය ලෙස අද (20) ශ‍්‍රී ලංකා පිරිමි හොකී පිල පාකිස්තානයට එරෙහිව ඉංචියොන් හොකී ක‍්‍රීඩාංගණයේදී පළමු තරගයට සහභාගි වීමට නියමිතය තිබුණි. එම තරගය කොරියානු වේලාවෙන් ඊයේ පස්වරු 5.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතව තිබුණි.

ශ‍්‍රී ලංකාව සහභාගි වන ක‍්‍රීඩා අතරින් කාන්තා ක‍්‍රිකට් තරගාවලිය අද (20) ආරම්භ වූවද ශ‍්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරගාවලියට ක‍්‍රීඩා කිරීම නිසා 23 වැනිදා සිට තරගවලට සහභාගි වීමට නියමිතය.

ශ‍්‍රී ලංකාව සහභාගි වන පළමු මලල ක‍්‍රීඩා තරගය ලෙස චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක මීටර 400 කාන්තා ඉසව්වට මේ මස 27 වැනි රාත‍්‍රි 8.25 ට සහභාගි වීමට නියමිතය.

ශ‍්‍රී ලංකාව පදක්කමක් බලාපොරොත්තුවෙන් සිටින පිරිමි විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ශ‍්‍රී ලංකා පිල මේ මස 25 වැනිදා සහභාගිවීමට නියමිතය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

පළමු රන් පදක්කම චීනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.