Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික ඔලිම්පික් කමිටුවේ පැන නැගී තිබෙන වත්මන් පරිපාලන අර්බුදය විසදීමට මැදිහත් වන ලෙස ඉල්ලා එහි සාමාජිකයන් වන ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් පිරිසක් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාට ලිපියක් යොමු කර තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් පිරිසක් අතර මේ වන විට පැන නැගී තිබෙන බල අරගලය හේතුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ කටයුතු බිඳ වැටෙමින් තිබෙන බවට එම ලිපියෙන් ක්‍රීඩා ඇමැතිවරයාට අවධාරණය කර තිබේ.
මෙම ලිපිය සැළකිල්ලට ගනිමින් ගැටළුවට විසදුමක් සෙවීමේ අරමුණින් ඉදිරියේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ සාමාජික සංගම් ප්‍රධානීන් එකම මේසයකට කැදවමින් සාකච්ඡාවක් පැවැත්වීමට ක්‍රීඩා ඇමැතිවරයා සැළසුම් කර ඇතැයිද එහිදී වාර්තාවේ.
ජාතික ඔලිම්පික් කම්ටුවේ සභාපතිවරයාට විරෝධය පළ කරන ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් නොබෝදා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාගේ නායකත්වය, යහපාලනය වගවීම හා වගකීම සම්බන්ධයෙන් මේ වන විට දරුණු අර්බුදකාරී ගැටළු රැසක් පැන නැගීමෙන් කමිටුවේ පරමාර්ථයන් බිද වැටෙමින් තිබෙන බවයි.
ඊට විසඳුම වන්නේ ඔහු ධූරයෙන් ඉල්ලා අස්වී නව විධායක සභාවක් පත් කර ගැනීම සදහා නිලවරණයක් වහාම කැඳවීම බවද ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීහු පෙන්වා දුන්හ.
දෙපාර්ශවය අතර මෙම පරිපාලන අර්බුදය දිග්ගැස්සීමෙන් මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුවේ ගණු දෙනු සිදු කෙරෙන ප්‍රධාන ගිණුම අත්හිටුවීමට අදාළ රාජ්‍ය බැංකුව විසින් පියවර ගෙන ඇතැයිද වාර්තාවේ. කෙසේවූවත් ඒ සම්බන්ධයෙන් සුබ්‍රමනියම් මහතා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවත් වැඩි දුරටත් වාර්තාවේ.
ඒ අතර පසුගිය වසර කීපයකදීම ජාතික ඔලිම්පික් කමිටුවේ සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා සෙවීම සදහා ආරම්භ කළ අභ්‍යන්තර වෝහාරික විගණනය අත් හිටුවා ඇත. මෙම විගණනය සඳහා වියදම් ඇස්තමේන්තුව ලෙස දක්වා තිබුණේ රුපියල් මිලියන 21 කි. එහෙත් මේ වන විට විගණනය කළ ආයතනය එම කටයුත්තෙන් ඉවත්වී තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි මැක්ස්වෙල් ද සිල්වා මහතාට ක්‍රීඩා ඇමැතිවරයා විසින් ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් පසුගිය දෙසැම්බර් 10 වැනිදා සිට තහනමක් පනවා තිබේ.ඒ වෙනුවට ධූරයේ වැඩ බැලූ උප ලේකම් චන්දන ලියනගේ මහතා මේ වන විට සභාපතිවරයාගේ නියෝගයෙන් තහනමට ලක්ව සිටියි.
ලේකම් ධූරයේ වැඩ බැලීම සදහා අළුතින් පත්ව සිටින්නේ රිෆ්ඩි ෆාමි මහතාය. ඒ අතර කමිටු මූලස්ථානයේ පරිපාලන කටයුතු මෙහෙයවීම සදහා අළුතෙන් සාමාන්‍යාධිකාරී ධූරයක් ස්ථාපිත කර තිබේ.
මෙම වෙනස්කම් සිදු කළේ විධායක සභාවේ අනුමැතියෙන් බව සභාපතිවරයා පවසයි.
පසුගිය අප්‍රේල් 8 වැනිදාට යෙදී තිබුණු ජාතික ඔලිම්පික් කමිටුවේ 88 වැනි සංවත්සරය එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඇතුළු විධායක සභාවේ සභිකයන් පිරිසක් එක්ව සැමරූ අයුරු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.