Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන්

පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත ජාතික කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ස්ටීව් රික්සන් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් පත්කරනු ලැබ සිටී. මේ මස 24 වැනිදා නවසීලන්තයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන ස්ටීව් රික්සන් මහතාගේ කොන්ත්‍රාත් කාලය ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය දක්වාම පවතිනු ඇත.

ශ්‍රී ලංකා පිලේ මෙතෙක් කටයුතු කළ පන්දු රැකීමේ පුහුණුකරුවා වන මනෝජ් අබේවික්‍රම මහතා උසස් දස්කම් කළමණාකරන මධ්‍යස්ථානය වෙත අනුයුක්ත කෙරේ.  

ඕස්ට්‍රේලියානු පිලේ හිටපු කඩුලු රකින්නකු වන රික්සන් මහතා ටෙස්ට් තරග 13 කට සහ එක්දින තරග 6 කට සහභාගි වී ඇත්තෙකි.

නවසීලන්තයේදී ටෙස්ට් තරග දෙකකට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් අනතුරුව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරගයකටද සහභාගි වෙයි. පසුව ඕස්ට්‍රේලියාව බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ටෙස්ට් තරග දෙකකට සහභාගි වීමෙන් පසුව දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන තරගාවලියක් සඳහා පිටත්ව යනු ඇත.

 


අදහස් (0)

පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.