Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ නූතන පංච ප්‍රයාම ක්‍රීඩා පුහුණුකරුවන් 10 දෙනකුට අදියර - 1 ජාත්‍යන්තර පුහුණුකරු පාඨමාලා සහතිකය ප්‍රදානය කිරීම ඉකුත්දා සිදු කෙරුණි.ඒ එම පාඨමාලාව සමත්වූවන් 10 දෙනකු වෙනුවෙනි.
ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනය විසින් තෙවැනි වරටත් එය සංවිධානය කළේය. මෙම පාඨමාලාව මෙහෙයවූයේ ජාත්‍යන්තර නූතන පංච ප්‍රයාම ප්‍රවීණතම පුහුණුකරුවකු වන ලියූ ශෙන් හුන්ග් මහතා විසිනි.ඔහුගේ වෘත්තීය මාර්ගෝපදේශය යටතේ නූතන පංච ප්‍රයාම ක්‍රීඩා විෂයයන් (5) පහෙහි න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම එහිදී පුහුණුකරුවන්ට ලබා දීම සිදු කෙරුණි.
මෙම වැඩසටහන අන්තර් ජාතික නූතන පංච ප්‍රයාම සම්මේලනය සහ ආසියානු නූතන පංච ප්‍රයාම සම්මේලනය සමඟ එක්ව ක්‍රියාත්මක කෙරුණි.
මේ සඳහා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, ශ්‍රී ලංකා පාපන්දු ආයතනය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජූලියන් බෝලින්ග් පිහිනුම් ඇකඩමිය ආදී ආයතනවල දායකත්වය ලබා ගැණුනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.