නූතන පංච ප්‍රයාම සම්මේලනය සංවිධානය කරන පංච ප්‍රයාම ජාතික ශූරතාවලියේ තරග ඉසව් 3 ක් අද (21 වැනිදා) පෙරවරුවේ සිට රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
දිවීම, වෙඩි තැබීම සහ පිහිනුම් තරග අද පැවැත්වෙයි. මෙම ඉසව් 3 සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 250 දෙනෙක් සහභාගි වෙති.
නූතන පංච ප්‍රයාම ඉසව්ව සඳහා දිවීම, වෙඩි තැබීම සහ පිහිනුම් යන ක්‍රීඩාවන්ට අමතරව, කඩු සටන් සහ බාධක තරණය යන ක්‍රීඩා දෙකත් ඇතුළත් වෙයි. එහෙත් නූතපංච ප්‍රයාම ඉසව්වේදී දිවීම, වෙඩි තැබීම සහ පිහිනුම් යන ඉසව් 3 ට පමණක් සහභාගි වෙමින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සඳහා යා හැකිබව තරග සංවිධායකයෝ ප්‍රකාශ කරති.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.