අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අද (22 වැනිදා) සමත් විය. ඒ ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී බණ්ඩාරවෙල ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඉනිමක සහ ලකුණු 33 ක ජයක් ලබමිනි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නාලන්දා මැදි විදුහලේ මහිඳු මලිත් ලකුණු 33 කට කඩුලු 7 ක් දවාගනිමින් ශාන්ත ජෝෂප් ඉනිම් දෙකම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා කිරීමට පුරෝගාමී වූ අතර එම විදුහලේම සචිරු හංසල (80) සහ චානක සමීර (74) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 90
(රන්දුන රොෂාන් 21, කවිෂ්ක ලක්ෂාන් 20/4, මහිඳු මලිත් 14/3, නිමේෂ් ප්‍රභාෂන 09/2)
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 76.4 කදී සියලු දෙනා දැවී 343
(සචිරු හංසල 80, චානක සමීර 74, ශෂික සමීර 47, කවිඳු මධුරංග 29, මහිඳු මලිත් 21, මලිත් තිලංක 33/3, ලෙෂාන් දිලුක්ෂ 67/3, අවිෂ්ක රංගන 75/2)
ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 120
(මලිත් මාදීව 50, මලිත් තිලංක 29, උත්පල ඉමේන්ද්‍ර 21, මහිඳු මලිත් 19/4, කවිඳු මඳුරංග 09/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.