අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ රාගම කරුණාරත්න බෞද්ධ පාසල අතර දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී නාලන්දා මැදි විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිදු මධුරංග 102 කට කඩුලු 8 ක්ද දවාගත් අතර ඔහුට අනගි සහායක් දුන් චානක සමීර ලකුණු 78 කදී කඩුලු 6 ක් දවාගත්තේය.
මෙම තරගයේදී නාලන්දා මැදි විදුහලේ කනිෂ්ක ජයසිංහ (53) සහ දසුන් අචිර (නොදැවී 50) ද, කරුණාරත්න බෞද්ධ පාසලේ විරාජ් විහඟ (63) සහ විරාජ් විහඟ (86) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
කරුණාරත්න බෞද්ධ පාසල් පළමු ඉනිම - ඕවර 30 කදී සියලු දෙනා දැවී 161
(විරාජ් විහඟ 63, කවිඳු ආමන්ත 43, උමේධ මධුෂාන් 35, චානක සමීර 39/3, කවිදු මධුරංග 41/3, නිමේෂ් ප්‍රබාෂන 35/2)
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 204
(කනිෂ්ක ජයසිංහ 53, නඳුන් කල්හාර 42, දසුන් අචිර 29, සසිඳු සඳරුවන් 28, උමේධ මධුෂාන් 50/3, කවිඳු ආමන්ත 56/2)
කරුණාරත්න බෞද්ධ පාසල් දෙවැනි ඉනිම - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 140
(විරාජ් විහඟ 86, කවිදු මධුරංග 61/5, චානක සමීර 39/3)
නාලන්දා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 12.1 කදී කඩුලු 3 ක් දැවී 103
(දසුන් අචිර නොදැවී 50, නඳුන් කල්හාර 22, සසිඳු සඳරුවන් 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.