Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු නිලවරණය පරණ පාරේම

දැල්පන්දු නිලවරණය පරණ පාරේම

editorial - 2025 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා දැල්පන්දු (නෙට්බෝල්) සම්මේලනයේ නිලවරණය ( 2025-27) සදහා නාමයෝජනා කැඳවීම අද (3) පෙරවරු11.30 ට අවසන් කෙරේ.එදිනම පස්වරු 2 ට නාමයෝජනා විවෘත කිරීම හා පරීක්ෂාව සිදු කෙරේ.

නිලවරණය සදහා ඊයේ (2) වන විටත් දින යොදා ගෙන නොතිබුණු අතර ඊට දැල්පන්දු අනුසංගම් 24 ක් නිර්දේශ ලබා තිබුණි.අම්පාර, කොළඹ, මාතලේ යන සංගම් හි ඡන්ද බලය සුදුසුකම් සපුරා නොතීබීමෙන් අහෝසි කර තිබේ.

නිලවරණයට නිර්දේශ ලැබීමේ සාමාජික සංගමයක අවම සුදුසුකම ජාතික තරගාවලිය ඇතුළුව සම්මේලනය මෙහෙයවන තවත් එක් තරගාවලියක නියෝජනය ලබා තිබීමය.එහෙත් වෙන්නප්පුවේදී අවසන් වරට පැවැති ජාතික දැල්පන්දු තරගාවලිය සදහා සහභාගි වූයේ කණ්ඩායම් 20 ක් පමණි.

දැල්පන්දු සම්මේලනයේ ක්‍රියාකාරීත්වය වසර 2024 මැයි 30 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අත්හිටුවීමෙන් පසුව මෙම නිලවරණය කැඳවා තිබේ.එහිදී දැල්පන්දු සම්මේලනයේ නිලවරණයකින් පත් කර ගන්නා විධායක සභාව ධූර 11 ක් වූවත් මෙවර නිලවරණයේදී එහි ධූර හතකට පමණක් නාම යෝජනා කැඳවා තිබේ.නියෝජ්‍ය සභාපති ධූරය ඇතුළු ධූර කීපයක් එහිදී හිස්ව තබා තිබේ.

අධිකරණය පැවැති නඩුවක් විභාග කරමින් මීළග දැල්පන්දු නිලවරණය කැඳවීමේදී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් ප්‍රකාශ කර තිබුණි.එහෙත් ඊට අනුකූලව නිලවරණය කැඳවා නැතැයි ඇතැම් පාර්ශව චෝදනා කරති.

ආසියානු දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා, කළුතර දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ සභාපතිනී වජිරා නෙත්තිකුමාර හා රාජ්‍ය සේවා දැල්පන්දු සංගමයේ සහාපතිනී ට්‍රික්ෂි නානායක්කාර යන මහත්මීන් මෙවර නිලවරණයේදී සභාපති ධූරයට නාමයෝජනා බාරදීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

නිලවරණ මෙහෙයුම් කමිටුවේ සභාපතිනිය ලෙස විශ්‍රාමික මහාධ්කරණ විනිසුරු ඩබ්. අයිරාංගනී පෙරේරා මහත්මිය කටයුතු කරයි.

 


අදහස් (0)

දැල්පන්දු නිලවරණය පරණ පාරේම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.