Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දාම් ශූර ක්‍රිෂාන්තගෙන් ක්‍රීඩා පුහුණු ග්‍රන්ථයක්

දාම් ශූර ක්‍රිෂාන්තගෙන් ක්‍රීඩා පුහුණු ග්‍රන්ථයක්

editorial - 2025 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික දාම් ශූර ක්‍රිෂාන්ත කුමාරගේ සම්පාදනය කළ කැපිලි 550 දාම් ක්‍රීඩා පුහුණු ග්‍රන්ථය ඉදිරියේදී එළි දැක්වීමට නියමිතය. ඉදිරියේදී පරිඝණක ආශ්‍රයෙන්ද දාම් ක්‍රීඩාව පුහුණු කෙරෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කුමාරගේ සූදානම්ව සිටියි.

සිය වසර 42 ක් තරම් වන දාම් ක්‍රීඩා දිවියේදී ඔහු විසින් වැඩිම වාර ගණනක් දාම් ජාතික ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබේ. ඒ අතර 1996 දී ඉන්දියාවේ ප්‍රකg දාම් ශූර වී. ක්‍රිෂ්ණමූර්ති පරාජය කිරීම, 1998 දී උපාලි විජේවර්ධන ශූරතාව දිනාගැනීම ඇතුළුව මේ වන විට ජාතික මට්ටමේ දාම් ශූරතා 40 කට වැඩි ගණනක් දිනා ගැනීමට කුමාරගේ සමත්ව සිටියි.

ඉදිරියේදී දාම් ග්‍රන්ථය එළිදක්වන අතර පාසල් සිසු සිසුවියන් සදහා නොමිලේ දාම් පුහුණු පංති පැවැත්වීමටත් ඔවුන් සදහා දාම් තරග මාලා කීපයක්ද්  පැවැත්වීමට තමා සැළසුම් කර තිබෙන බව ක්‍රිෂාන්ත කුමාරගේ මහතා පවසයි.

- 223


අදහස් (0)

දාම් ශූර ක්‍රිෂාන්තගෙන් ක්‍රීඩා පුහුණු ග්‍රන්ථයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.