
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ පි.ද.එස්.කුලරත්න විද්‍යාලයීය දෙමාපිය චෙස් සංගමය සංවිධානය කරනු ලබන දකුණු පළාත් පාසල් චෙස් තරගාවලිය මේ මස 25 සහ 26 දෙදින අම්බලන්ගොඩ පි.ද.එස් කුලරත්න විද්‍යාලයේදී පැවැත්වේ .
තරගාවලිය වයස 6න් පහළ , 7න් පහළ, 8න් පහළ, 9න් පහළ , 11න් පහළ, 13න් පහළ, 15න් පහළ සහ 19න් පහළ වශයෙන් බාලක හා බාලිකා අංශ දෙකින්ම පැවැත්වේ .
මෙම චෙස් තරගාවලියට සහභාගිවිය හැක්කේ දකුණු පළාතට අයත් ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණි .
තරගාවලිය තරග වට හයකින් සමන්විත වන අතර තරගාවලිය පැවැත්වෙන දින දෙකේ එක දිනයක තරග වට තුන බැගින් තරග වට හය නිමාවට පත් කෙරේ .
මේ තරග වට හයෙන් ලබා ගන්නා අනුපිලිවෙල මත එක් එක් වයස් කාණ්ඩවල බාලක බාලිකා ජයග්‍රාහකයින් තෝරාගනු ලබන බව තරග සංවිධායකයෝ පවසති.
එමෙන්ම හොදම බාලක ,බාලිකා සහ මිශ්‍ර පාසල ද මෙහිදී තෝරාගනු ලබන බවත් එම පාසල්වලට කුසලාන පිරිනමනු ලබන බවත් ඔවුහු වැඩිදුරටත් කියති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.