දකුණු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සංවිධානය කරන දකුණු පළාත් කැරම් තරගාවලිය හෙට (15) බද්දේගම නගර සභා ශාලාවේදී පැවැත්වේ.
ජාතික මහා ක්‍රීඩා උළෙලේ කැරම් තරගාවලියට සහභාගිවන දකුණු පළාත් කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා මෙම තරගාවලිය සංවිධානය කෙරේ.
කැරම් ක්‍රීඩාව, ජාතික මහා ක්‍රීඩා උළෙලට මෙම වසරේදී අලුතින් එක් විය.
ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලිය විවෘත වේ.
එම දිස්ත්‍රික් තුනේ ස්ථිර පදිංචි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හැඳුනුම්පත ද සමඟ මෙම 15 වැනිදා පෙරවරු 8.30 ට පෙර තරග පැවැත්වෙන බද්දේගම නගර සභා ශාලාවට පැමිණීමෙන් තරග සඳහා ලියාපදිංචි විය හැකිය.
ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන තරගාවලිය පිරිමි සහ කාන්තා කේවළ ඉසව්වෙන් පමණක් පැවැත්වේ.
මේ පිළිබඳ වැඩි විස්තර 0777528311 සුජී සුල්තානගොඩ මහතා ඇමැතීමෙන් ලබාගත හැකිය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.