Last Update  :  2025-12-19 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දකුණු පළාත් ක්‍රිකට් පරිපාලනයට කමිටුවක්

දකුණු පළාත් ක්‍රිකට් පරිපාලනයට කමිටුවක්

Nisanka Sandeepani - 2019 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


නිලවරණය පැවැත්වීමට අධිකරණයෙන් වාරණයක් පනවා ඇති දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ පරිපාලනයට හය දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ. එම කමිටුවේ සභාපතිවරයා ලෙස ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ විධායක කමිටු සමාජික කුමාර හැළඹගේ මහතා පත්කර තිබේ. 

මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ විධායක කමිටු සාමාජික මෙන්ම මාතර ක්‍රීඩා සමාජයේ ලේකම්වරයාද වන සුනිල් මොහොට්ටි මහතා එම කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. 

මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය සංජය සේදර සෙනරත් මහතා කමිටුවේ සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.  වසරකට වැඩි කාලයක සිට දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ පරිපාලනය බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය විසින් ක්‍රියාත්මක කරන ලදී. 

දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ නිලවරණය පැවැත්වීම 2016 වසරේ ගාල්ල දිසා අධිකරණය අත්හිටවූ අතර එම වාරණය පසුගිය වසරේ (2018) නොවැම්බර් මස ඉවත් කරන ලදි. 

දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ නිලවරණය පසුගිය දෙසැම්බර් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද ඒ සඳහා නැවතත් අධිකරණයෙන් වාරණයක් පනවන ලදි. 

දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ පරිපාලන කමිටුව:
සභාපති - කුමාර හැළඹගේ මහතා (ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය), 
ලේකම් - සුනිල් මොහොට්ටි මහතා (මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය)
සංවිධායක - වෛද්‍ය සංජය සේදර සෙනරත් මහතා (හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය)
කමිටු සාමාජිකයෝ - දසන් නයිදවාවඩු (ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය), ටී. ඩී. මුණසිංහ (මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය) සහ එරන්ද ඩයස් යන මහත්වරු (හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය)

 


අදහස් (0)

දකුණු පළාත් ක්‍රිකට් පරිපාලනයට කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.