Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දිය පිනුම් ශූරතා කොළඹට

දිය පිනුම් ශූරතා කොළඹට

ශනුක අරවින්ද - 2016 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ජල ක‍්‍රීඩා සංගමය සංවිධානය කළ 43 වැනි ‘මයිලෝ ’පාසල් වයස් කාණ්ඩ දිය පිනුම් තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට ලකුණු 207 ක් ලබා කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. එහි බාලිකා ශුරතාව කොළඹ බිෂොප් විදුහලට (ලකුණු 98) හිමිවිය.  තරගාවලිය ඉරිදා (26) කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී නිමා විය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම (ලකුණු 51) බාලක අනුශූරතාව දිනාගත් අතර කොළඹ ශාන්ත ජෝශප් විදුහල (ලකුණු 24) තෙවැනි ස්ථානය ලැබුහ.

ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය (ලකුණු 69) බාලිකා අනුශූරතාව ද, කොළඹ විශාඛා විද්‍යාලය (ලකුණු 35) තෙවැනි ස්ථානය ද හිමිකර ගත්තේය.

වයස 15 න් පහළ, 17 න් පහළ සහ  19 න් පහළ වයස් කාණ්ඩ යටතේ පැවැති මෙම තරගාවලියේ වයස් කාණ්ඩ තුනේ ම බාලක කාණ්ඩයේ දක්‍ෂතම ක‍්‍රීඩකයන් සදහා වන සම්මාන තුනම කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ දිනා ගත්හ.

පිනුම් තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ:

15 න් පහළ (බාලක)
අභිෂේක් මීගල්ල (කොළඹ රාජකීය)

15 න් පහළ (බාලිකා)
පන්චලී හේවාමාන්න (ආරක්‍ෂක සේවා විද්‍යාලය)

17 න් පහළ (බාලක)
දුලංජන් ප‍්‍රනාන්දු (කොළඹ රාජකීය)

17 න් පහළ (බාලිකා)
ශෙනලි හේරත් (සිරිමාවෝ බණ්ඩාරනායක)

19 න් පහළ (බාලක)
ශෙහාන් පීරිස් (කොළඹ රාජකීය විදුහල)

19 න් පහළ (බාලිකා)
නෙත්මි ලියනගේ (විශාඛා)

 

නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ මහතා අතින් දිය පිනුම් බාලක ශූරතාව දිනාගත් කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමේ නායකයා

නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ මහතා අතින් දිය පිනුම් බාලිකා ශූරතාව දිනාගත් කොළඹ බිෂොප් විදුහල් කණ්ඩායමේ නායිකාව

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

දිය පිනුම් ශූරතා කොළඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.