Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තේරීම් තරග 20 වැනිදා බණ්ඩාරගමදී

තේරීම් තරග 20 වැනිදා බණ්ඩාරගමදී

ශනුක අරවින්ද - 2018 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු දැල්පන්දු ශූරතාවලිය ඉලක්ක කරමින් ජාතික දැල්පන්දු සංචිතයේ මූලික තේරීම් තරග මෙම 20 වැනිදා බණ්ඩාරගමදී කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර ඇතැයි වාර්තාවේ.

11 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලිය ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට 9 වැනිදා දක්වා සිංගප්පූරුවේදී පැවැත්වේ. ඒ සඳහා සහභාගි කරන ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු  කණ්ඩායම තෝරා ගැනීම සඳහා මෙම සංචිතය නම් කෙරේ.

කෙසේ වුවත් ජාතික දැල්පන්දු තේරීම් කමිටුවට ඊයේ (16)වන විටත් ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලැබී නොතිබුණි. ඒ සඳහා  නිර්දේශිත නිලධාරිනියන් 10 දෙනෙකුගේ ලැස්තුවක් ක්‍රීඩා අමාත්‍යාංශයට මීට සති කීපයකට පෙර යොමු කිරීමට දැල්පන්දු සම්මේලනය පියවර ගෙන තිබුණි.

මේ අතර ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය ලෙස නම්කර තිබෙන තිලකා ජිනදාස මෙනවිය පෙරේදා (15) නවක ක්‍රිඩිකාවන්ගේ දක්‍ෂතා හඳුනා ගැනීම සඳහා ආරම්භ  කර තිබෙන සංවර්ධන දැල්පන්දු සංචිතයේ ක්‍රියාකාරකම් නැරඹීමට දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය සමඟ එම ස්ථානයට පැමිණ සිටි බවද වාර්තාවේ.

බෲනායි රාජ්‍යයේ ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස වසර ගණනාවක්ම කටයුතු කළ ඇය එහි සේවය අවසන් කරමින් දිවයිනට පැමිණියේ ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයේ වැඩ බාර ගැනීම සඳහාය.

වසර 2009 දීත් ඇය මෙරට ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස කටයුතු කර තිබෙන අතර එම වසරේදී පැවැති තරගාවලිය ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව මේ දක්වා ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගැනීමට අපොහොසත්ව සිටියි.

මාස දෙකකට ආසනන් කාලයක් විදේශගතව සිටි දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය පසුගියදා දිවයිනට පැමිණීමෙන් පසුව පෙරේදා (15) එහි නිලධාරි මණ්ඩලය මුණගැසී මෙම 21 වැනිදා පැවැත්වීමට නියමිත සම්මේලනයේ කවුන්සිල රැස්වීමට ඉදිරිපත් කිරීම සඳහා මෙම වසරට නියමිත සම්මේලනයේ වැඩසටහන් සැලැස්ම කෙටුම්පත් කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර ජාතික දැල්පන්දු තේරීම් කමිටුවේ සභාපති ධුරයට යෝජනාවී සිටින නිලධාරිනියන් අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන්ද වන පද්මා ගුණවර්ධන මහත්මිය ද සිටින බව දැනගන්නට  ඇත.

කෙසේ වුවත් ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය නිර්දේශ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ඒ සඳහා අයදුම් කළ අපේක්‍ෂිකාවන් වන හසිසින්ත් විජේසිංහ හා සොමිතාද අල්විස් යන මහත්මීන් එම පත්කිරීමේ ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයට හා දැල්පන්දු සම්මේලනයට අභියාචනා යොමුකිරීම නිසාය.

 


අදහස් (0)

තේරීම් තරග 20 වැනිදා බණ්ඩාරගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.