Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තෙවැනි දිනයේ එකම ජය උසෙයිත්ට
ආසියානු 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලිය

තෙවැනි දිනයේ එකම ජය උසෙයිත්ට

editorial - 2025 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ තෙවැනි දිනය වූ අද (14 වැනිදා) පැවැති තරගවලදී ශ්‍රී ලංකාවට හිමිවූ එකම ජයග්‍රහණයට හිමිකම් කීමට යූ.එම්. උසෙයිත් සමත් විය. 

වයස 22 න් පහළ කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 75 බර පංතිය යටතේ තරග වැදුණ උසෙයිත් මූලික වටයේදී කරට කරට සටනකින් අනතුරුව ලකුණු 5-0 කින් සවුදි අරාබි ක්‍රීඩක අල්මොවොලඩ් නයීෆ් පරාජය කරමින් දෙවැනි වටයට පිවිසියේය. 

අද දිනයේදී තරග වැදුණු සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ ජී.වී.එච්. ජයසිංහ (කි.ග්‍රෑ. 67), කේ.ජී.එම්. බණ්ඩාර (කි.ග්‍රෑ. 71), ඒ.ජී.එම්. බණ්ඩාර (කි.ග්‍රෑ. 86) සහ එල්. කජින්තිනී (කි.ග්‍රෑ. 57) ඔවුන් සහභාගි වූ තරග වලදී පිළිවෙලින් සවුදි අරාබියේ අල්කසීම් ඉස්මයිල්, කසකස්ථානයේ කඩිර් අගෂාන්, නවසීලන්තයේ විනී රෝමන් සහ ඉන්දියාවේ එන්. නැන්සි හමුවේ පරාජයට පත්වූහ. 

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 26 ක් නියෝජනය කරමින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක් සහභාගි වී සිටින අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 33 කි. 

වයස 22 න් පහළ සහ යොවුන් ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි ඉසව් බර පංති 13 ක් යටතේද, කාන්තා ඉසව් බර පංති 12 ක් යටතේද පැවැත්වේ. වයස 22 න් පහළ කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 10 දෙනෙක්ද, ක්‍රීඩිකාවෝ 10 ක්ද තරග වදින අතර යොවුන් කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙක් තරග වදිනු ඇත. 


තරග ප්‍රතිඵල 
කිලෝ ග්‍රෑම් 67 බර පංතිය 
අල්කසීම් ඉස්මයිල් (සවුදි අරාබිය) විසින් ලකුණු 5-0 ක් ලෙස ජී.වී.එච්. ජයසිංහ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 71 බර පංතිය 
කඩිර් අගෂාන් (කසකස්ථානය) විසින් කේ.ජී.එම්. බණ්ඩාර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (ශ්‍රී ලංකා ක්‍රීඩකයා අතරමැද තරගයෙන් ඉවත්වීම හේතුවෙනි)

කිලෝ ග්‍රෑම් 75 බර පංතිය 
යූ.එම්. උසෙයිත් (ශ්‍රී ලංකාව) විසින් ලකුණු 5-0 ක් ලෙස අල්මොවොලඩ් නයීෆ් (සවුදි අරාබිය) පරාජය කරන ලදි. 

කිලෝ ග්‍රෑම් 86 බර පංතිය 
විනී රෝමන් (නවසීලන්තය) විසින් ඒ.ජී.එම්. බණ්ඩාර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (ශ්‍රී ලංකා ක්‍රීඩකයා අතරමැද තරගයෙන් ඉවත්වීම හේතුවෙනි) 

කිලෝ ග්‍රෑම් 57 බර පංතිය (කාන්තා) 
එන්. නැන්සි (ඉන්දියාව) විසින් එල්. කජින්තිනී (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (විනිසුරුවරයා තරගය නතර කිරීම හේතුවෙනි) 

 


අදහස් (0)

තෙවැනි දිනයේ එකම ජය උසෙයිත්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.