ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ තුන් ප‍්‍රයාම තරගාවලියේ අද (14) පැවැති මිශ‍්‍ර තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ– ලක්රුවන් විජේසිරි, නුවන් කුමාර, දිනුෂා ද සිල්වා සහ ගයනි දිසානායක ලෝකඩ පදක්කම්ලාභී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වුහ.
ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පැය 1 විනාඩි 32.5 කින් තරගය නිම කළ අතර ඉන්දියාව රන් පදක්කම සදහා පැය 1.වි.24.31 ක කාලයක් වාර්තා කළේය.
නේපාලය රිදී පදක්කම (පැ.1 වි.31.35) දිනා ගත්තේය. සාග් තුන් ප‍්‍රයාම තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමි වු දෙවැනි ලෝකඩ පදක්කම මෙය වේ. නුවන් කුමාර පිරිමි කේවළ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.