Last Update  :  2025-04-30 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තායිලන්තය පැරදූ ශ්‍රී ලංකාව 7 වැනි තැනට
ආසියානු හොකී සම්මේලන කුසලාන

තායිලන්තය පැරදූ ශ්‍රී ලංකාව 7 වැනි තැනට

editorial - 2025 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු හොකී සම්මේලනයේ සංවිධානත්වයෙන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැති ‘ආසියානු හොකී සම්මේලන කුසලාන’ හොකී තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම කණ්ඩායම් 10 ක් අතරින් 7 වැනියා ලෙස තරගාවලිය නිමාවට පත් කළේය. 

ඒ තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වටයේදී 7 වැනි ස්ථානය සහ 8 වැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයේදී ගෝල 6-4 ක් ලෙස තායිලන්ත කණ්ඩායම පරාජය කරමිනි. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ධම්මික රණසිංහ ගෝල 2 ක්ද, සන්ද සුබසිංහ, උදයෂාන් ප්‍රනාන්දු, කුසල් වීරප්පුලි සහ සුරේෂ් රත්නායක ගෝලය බැගින්ද ලබාගත්හ. 

තරගයේ පළමු කාර්තුව අවසන් වන විට දෙපිලම ගෝල 1-1 ක් ලෙස සමව සිටි අතර දෙවැනි කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාව ගෝල 2-1 ක් ලෙස පෙරමුණට පැමිණියේය. තෙවැනි කාර්තුව තුළදී දෙපිලම ගෝල 2 බැගින් ලබා ගැනීම හේතුවෙන් ගෝල සංඛ්‍යාව 4-3 ක් ලෙස ඉහළ ගියේය.

කෙසේ වුවත් අවසන් කාර්තුව තුළ තායිලන්තය එක් ගෝලයක් ලබාගනිද්දී, ගෝල දෙකක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත් වූහ. තරගයේ වීරයා ලෙස ගෝල දෙකක් ලබාගත් ධම්මික රණසිංහ සම්මාන දිනාගත්තේය. 

‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකාව, මූලික වටය අවසානයේ එම කාණ්ඩයේ සිවුවැනි ස්ථානයට පත් විය. ඒ අනුව ඔවුන්ට තරගාවලියේ 5 වැනි ස්ථානයත්, 8 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වූ හොං කොං රාජ්‍යයට එරෙහිව තරග වැදීමට සිදුවිය. 

එහෙත් එහිදී හොං කොං රාජ්‍යය හමුවේ ගෝල 5-4 ක පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගාවලියේ 7 වැනි හෝ 8 වැනි ස්ථානය වෙනුවෙන් තාලියන්තයට එරෙහිව තරග වැදීමට සිදුවිය. අවසන් මහ තරගයේදී ගෝල 4-3 ක් ලෙස චීන තායිපේ පරාජය කළ ඕමානය මෙම තරගාවලියේ ශූරතාව දිනාගත්තේය. 

මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ගෝල 2-1 ක් ලෙස ජයගත හැකි වූයේ ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරගය පමණි. කසකස්තානය හමුවේ ගෝල 3-2 ක් ලෙසත්, බංග්ලාදේශය හමුවේ ගෝල 5-0 ක් ලෙසත් පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, තායිලන්තයට එරෙහිව පැවැති තරගය ගෝල 1-1 ක් ලෙස සමව අවසන් කළේය. 


අදහස් (0)

තායිලන්තය පැරදූ ශ්‍රී ලංකාව 7 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.