Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තහනම් උත්තේජක පරික්ෂාවට බාධා කළ බවට නිලධාරින් දෙදෙනෙකුට චෝදනා

තහනම් උත්තේජක පරික්ෂාවට බාධා කළ බවට නිලධාරින් දෙදෙනෙකුට චෝදනා

editorial - 2025 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජන පරීක්ෂණ කටයුතු වලට බාධා පමුණුවන බව කියන ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ඉහළම නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිස්ත්‍රික් මලලවපොර සංගමය ජනාධිපතිවරයාට හා ක්‍රීඩා ඇමැතිවරයාට පැමිණිළි කර තිබේ.

මෙම චෝදනාලාභී නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු ආරක්ෂක හමුදා ක්‍රීඩා සමාජයකට අයත් මල්ලවපොර සම්මේලනයේ ඉහළම ධූරයක් දරන්නෙකි. අනෙක් තැනැත්තා ජාතික මට්ටමේ ප්‍රමුඛතම මල්ලවපොර පුහුණුකරුවෙකි.

කොළඹ දිස්ත්‍රික් මලලවපොර සංගමයේ ලේකම් එච්.එම්. ලක්ෂ්මන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක හා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ යන මහත්වරුන්ට මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් යොමු කළ විරෝධතා ලිපියේ දැක් වෙන්නේ මල්ලවපොර සම්මේලනය මෑතදී සංවිධානය කළ ජාතික මට්ටමේ තරගාවලියකට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජන විමර්ෂණ කටයුතු සදහා පැමිණි ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යාතනයේ නියෝජිතයන්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩ ලබා නොදී ඔවුන් ආපසු හරවා යැවීමට මෙම නිලධාරින් දෙදෙනා මැදිහත්වූ බවයි.

ඒ සම්බන්ධයෙන් තහනම් උත්තේජක නියෝජ්‍යාතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ෂිරෝමි පිලපිටිය මහත්මිය විසින් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපතිවරයාට හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සිදු කළ ලිඛිත පැමිණිල්ලේ පිටපතක්ද ලක්ෂ්මන් මහතා විසින් ජනාධිපතිවරයාට යැවූ අදාළ ලිපිය සමග ඉදිරිපත් කර තිබේ.

පිලපිටිය මහත්මියගේ එම පැමිණිල්ලේ මල්ලවපොර සම්මේලනයේ චෝදනාලාභී ඉහත නිලධාරීන්  දෙදෙනාගේ නම් සදහන් කර ඇත.

කෙසේවූවත් මෙම වසරට (2025) යෙදී තිබූ ජාතික මල්ලවපොර තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් (අහඹු ලෙස) තහනම් උත්තේජක පරීක්ෂාව සදහා මුත්‍රා නියැදි ලබා ගැනීමට උත්තේජක මර්දන ආයතනය කටයුතු කර තිබේ. එහිදී චෝදනාලාභී නිලධාරින් දෙදෙනා සේවය කරන ආරක්ෂක හමුදා ක්‍රිඩා සමාජයේ එක් ක්‍රීඩකයෙකු මුත්‍රා නියැදි පරීක්ෂාව අනුව තහනම් උත්තේජක ශරීරිගත කර ගෙන තිබෙන බවට චෝදනා ලබා තිබේ.

මෙම සිදුවීම් තුළින් අංක 2292/57 - 2022 අති විශේෂ ගැසට් නිවේදනය හා 2013 අංක 33 දරන තහනම් උත්තේජන සම්මුති පනත උල්ලංඝනයවී තිබෙන බැවින් මල්ලවපොර සම්මේලනයේ ඉහත නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනයානුකූළව කටයුතු කරන ලෙස ඉල්ලා කොළඹ මල්ලවපොර සංගමයේ උප ලේකම්වරයා අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් හා ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීමට මල්ලවපොර සම්මේලනය අපොහොසත් වී තිබීම ගැනැත් එමගින් ඔහු චෝදනා නගා තිබේ.


අදහස් (0)

තහනම් උත්තේජක පරික්ෂාවට බාධා කළ බවට නිලධාරින් දෙදෙනෙකුට චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.