Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තත්පර දෙකේ වාසිය තුෂාන්ට
ගුවන් හමුදා පාපැදි සවාරිය

තත්පර දෙකේ වාසිය තුෂාන්ට

editorial - 2023 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කිලෝමීටර 396 ක ධාවනයකින් පසුව අනුරාධපුරයේ දී ඊයේ (4) නිමාවට පත්වූ 24 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි ඉසව්වේ සමස්ත ශූරයා ලෙස යුද හමුදා ක්‍රීඩක කුෂාන් රාජපක්‍ෂ රුපියල් ලක්‍ෂ හතරක ත්‍යාග මුදල හිමිකර ගත්තේය. 

එහිදී ගියවර (2022) සමස්ත තරගයේ ශූරතාව දිනූ අවිෂ්ක මැඩොන්සා, කුෂාන් රාජපක්‍ෂට වඩා තත්පර දෙකක් පසුපසින් වීමෙන් ඔහුට මෙවර අත්වූයේ දෙවැනි ස්ථානයයි. 

මේ අතර කිලෝමීටර 89 ක දුරක් ගෙවූ මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ කාන්තා ඉසව්ව ජය ගත්තේ ගුවන් හමුදා ක්‍රීඩිකා දිනේෂා දිල්රුක්ෂි විසිනි. එහිදී දෙවැනි තැනගත් සුධාරිකා ප්‍රියදර්ශනී හා දිනේෂා දිල්රුක්‍ෂි අතර තියුණු තරගය දිනුම් කණුවේදී නිමාවට පත්වූයේ සම නිමා කාලයක් වාර්තා කරමිනි.

මෙවර ගුවන් හමුදා පාපැදි (පිරිමි) ඉසව්වට තරගකරුවන් 160 දෙනකු සහභාගී වුවත් එය පෙරේදා නිමාවට පත් කළේ එයින් 57 දෙනකු පමණි. පෙරේදා නිමාවට පත්වූ අවසන් අදියර තරගයේ ධාවකයන්ගේ වේගය පැයට කිලෝමීටර 39.21 අගයක් ගත්තේය. 

කාන්තා ඉසව්වේදී එහි අගය කිලෝමීටර 33.07 ක අගයක් පෙන්වූයේය. ඉන්දීය ගුවන් හමුදාවේ ධාවකයන් තිදෙනකු (3) මෙවර තරගයට සහභාගි වී සිටි අතර එයින් ක්‍රිෂ්ණා නායකොඩි රුපියල් ලක්‍ෂයක් ප්‍රදානය වුණු සිව් වැනි ස්ථානය ලබා ගත්තේය.
සෙසු ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනා 37 වැනි හා 50 වැනි ස්ථාන ලැබීය. ‘‘නිපෝන් පේන්ට්’’ ආයතනය මෙම පාපැදි සවාරියට ප්‍රධාන අනුග්‍රහය දැක්වීය. 

මෙවර සමස්ත තරගයේ තෙවැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩකයන් තිදෙනා අදියර – 1 තරගයේදීත් එම ස්ථානම අත්කර ගනිමින් පෙරමුණ ගැනීම කැපී පෙනුණි.

24 වෙනි ගුවන් හමුදා පාපැදි සවාරියේ නිල ප්‍රතිඵල

පළමු අදියර – කිලෝමීටර 116 (කොළඹ සිට මහනුවර දක්වා):-
1 තුෂාන් රාජපක්ෂ (යුද හමුදාව – පැය 2 විනාඩි 59 තත්පර 58), 2 අවිෂ්ක මැඩොන්සා (යුද හමුදාව – පැය 3 තත්පර 05), 3 සුරංග රණවීර (දෙහිවල – ගල්කිස්ස –පැය 3 තත්පර 7)

දෙවැනි අදියර – කිලෝමීටර 146 (පල්ලේකැලේ සිට පොළොන්නරුව දක්වා):-

1 සාරංග පෙරේරා (යුද හමුදාව – පැය 3 විනාඩි 43 තත්පර 06), 2 ප්‍රභාස් මධුසංඛ (නාවික හමුදාව –පැය 3.43.52), 3 ජනක හේමන්ත කුමාර (නාවික හමුදාව –පැය 3.43.53)

තෙවැනි (අවසන්) අදියර – කිලෝමීටර – 132 (පොළොන්නරුව සිට අනුරාධපුරය දක්වා):-

1 පසිඳු තිසේරා (යුද හමුදාව – පැය 2 විනාඩි 59 තත්පර 25), 2 ප්‍රභාෂ් මධුසංඛ (නාවික හමුදාව –පැය 2.59.25), 3 නිපුණ සොනාල් (පැය 2.59.25)

සමස්ත තරගයේ ප්‍රතිඵලය (අදියර තුනේ මුළු දුර එකතුව කිලෝමීටර 396)
1 තුෂාන් රාජපක්ෂ (යුද හමුදාව – පැය 9 විනාඩි 43 තත්පර 31), 2 අවිශ්ක මැඩොන්සා (යුද හමුදාව – 9.43.33), 3 සුරංග රණවීර (දෙහිවල – ගල්කිස්ස – 9.43.40), 4 ක්‍රිෂ්ණා නායකොඩි (ඉන්දීය ගුවන් හමුදාව – 9.46.14), 5 බන්ඩාර ප්‍රේමරත්න (ගුවන් හමුදාව – 9 46.20)

විශේෂ ශූරතා සම්මාන:-

  • වේගවත්ම (ස්ප්‍රින්ට්) ධාවනයට ප්‍රභාෂ් මධුසංඛ (නාවික හමුදාව)
  • කඳු තරණයේ ශූරයා:- සුරංග රණවීර (දෙහිවල – ගල්කිස්ස)
  • දක්ෂතම යොවුන් ක්‍රීඩකයා (වයස 23න් පහළ):- රොවිදු තමුදිත සොයිසා (දෙහිවල – ගල්කිස්ස)
  • කණ්ඩායම් ශූරතාව:- යුද හමුදා කණ්ඩායම
  • අනුශූරතාව ගුවන් හමුදා කණ්ඩායම

 

කාන්තා තරගයේ ප්‍රතිඵලය:-

හබරණ සිට පොළොන්නරුව දක්වා (කිලෝමීටර 84):-

1 දිනේෂා දිල්රුක්ෂි (ගුවන් හමුදාව – පැය 2 විනාඩි 34 තත්පර 46), 2 සුධාරිකා ප්‍රියදර්ශනී (ගුවන් හමුදාව 2.34.46), 3 ඈන් ෂොනාලි (නාවික හමුදාව – 2.34.51)

විශේෂ ශූරතා සම්මාන -

  • වේගවත්ම (ස්ප්‍රින්ට්) ක්‍රීඩිකාව:- දිනේෂා දිල්රුක්ෂි (ගුවන් හමුදාව)
  • කණ්ඩායම් ශූරතාව:- ගුවන් හමුදා කණ්ඩායම
  • අනු ශූරතාව – නාවික හමුදා කණ්ඩායම.

අදහස් (0)

තත්පර දෙකේ වාසිය තුෂාන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.