කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ කාන්තා සුපිරි 8 දෙනාගේ වටයේ ඊයේ (13 වැනිදා) පැවැති තරගයකදී ගුවන් හමුදා පිල පරදවා ලකුණු 58-48 ක ජයක් වාර්තා කිරීමට ට්රැක්මාස්ටර්ස් පිල සමත්විය.
පළමු කාර්තුව අවසන් වන විට ලකුණු 14-8 ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදා පිල සමත් වුවත්, දෙවැනි කාර්තුවේදී තරගයට අවතීර්ණ වූ ට්රැක්මාස්ටර්ස් කී‍්‍රඩිකාවෝ, එම කාර්තුව නිමාවන විට ලකුණු 29-23 ක් ලෙස ඉදිරියට පැමැණීමට සමත්වූහ.
දෙවැනි කාර්තුව නිමාවන විට තිබූ ලකුණු 6 ක පරතරයට තෙවැනි කාර්තුවේදී තවත් ලකුණු 9 ක් එක් කරගත් ට්රැක්මාස්ටර්ස් පිල ලකුණු 47-32 ක් ලෙස තවදුරටත් පෙරමුණේ රැදීසිටිමින් එම කාර්තුව නිමා කළේය.
අවසන් කාර්තුවේදී ලකුණු 16 ක් රැස්කරමින් ට්රැක්මාස්ටර්ස් පිලට තරමක සටනක් දීමට ගුවන් හමුදා පිල සමත් වුවත් තරගය ජය ගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවීය. ට්රැක්මාස්ටර්ස් පිලට එම කාර්තුවේදී රැස්කරගත හැකිවූයේ ලකුණු 11 ක් පමණක් වුවත් මුල් කාර්තු තුනේදී ලද ලකුණු පරතරය නිසා ඔවුහු තරගය ජයග්‍රහණය කළහ.
ට්රැක්මාස්ටර්ස් පිල වෙනුවෙන් එච්. එම්. ඒකනායක ලකුණු 14 ක්ද, ඞී. බී. එම්. තලගල ලකුණු 13 ක්ද රැස්කළ අතර ගුවන් හමුදා පිල වෙනුවෙන් එරන්දි ගාල්ලගේ ලකුණු 19 ක්ද, රුවන්ති මේරියන් ලකුණු 13 ක්ද රැස්කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.