Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ටෙනිස් කී‍්‍රඩාවෙන් ලෝකඩ පදක්කම් 2 ක්

ටෙනිස් කී‍්‍රඩාවෙන් ලෝකඩ පදක්කම් 2 ක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ (සාග්) අද (10 වැනිදා) පැවැති ටෙනිස් තරග වලදී පිරිමි යුගල ඉසව්වෙන් ලෝකඩ පදක්කම් 2 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ සමත් වූහ.

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/3 සහ 6/1) ඉන්දියාවේ ඬේවිඞ් ශරන් සහ සනම් සිං හමුවේ පරාජය වීම නිසා ශ්‍රී ලංකාවේ හර්ෂන ගොඩමාන්නට සහ ශාමල් දිසානායකට ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වූ අනෙක් යුගළය වන දිනේෂ්කාන්තන් තංගරාජාට සහ යසිත ද සිල්වාටද එම ඉරණමම අත්වූ අතර ඉන්දියාවේ රාජ්කුමාර් රාමනාදන් සහ ප‍්‍රශාන්ත් විජේ හමුවේ වට 2-0 ක් ලෙස (6/3 සහ 6/1) පරාජය වීම නිසා ඔවුන්ටද අවසන් මහ තරගයට පිවිසීමේ බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවිය.

මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රාජ්කුමාර් රාමනාදන් සහ ප‍්‍රශාන්ත් විජේ සමත් වූ අතර අවසන් මහ තරගයේදී ඔවුන් හමුවේ වට 2-0 ක් ලෙස (6/3 සහ 6/4) පරාජය වූ ඬේවිඞ් ශරන් සහ සනම් සිං එහි රීදි පදක්කමට හිමිකම් කීහ.

 

- 036

 


අදහස් (0)

ටෙනිස් කී‍්‍රඩාවෙන් ලෝකඩ පදක්කම් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.