Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජොකොවික් මාග්‍රට් පසුකර යෑමේ උත්සාහයක
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස්

ජොකොවික් මාග්‍රට් පසුකර යෑමේ උත්සාහයක

editorial - 2024 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසරේ පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ මූලික වටය හෙට (14 වැනිදා) ආරම්භ වීමට නියමිතය. දින 15 කින් සමන්විත මෙම තරගාවලිය එළබෙන 28 වැනිදා දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවරදී පැවැත්වේ. 

මෙය 112 වැනි ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය වන අතර මෙවර තරගාවලියේ කේවල තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 128 දෙනා බැගින්ද, යුගල තරග සඳහා යුගලයන් 64 බැගින්ද සහභාගිවීමට නියමිතය. එහි සුදුසුකම් ලැබීමේ තරග මෙම මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්විණ.

මෙවර තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ බෙදා දීමට නියමිත මුලු මුදල ඕස්ට්‍රේලියන් ඩොලර් මිලියන 86.5 ක් වේ. එහිදී පිරිමි කේවල ශූරතාව සහ කාන්තා කේවල ශූරතාව සඳහා ඕස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 3.15 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත. 

අවසන් වරට (2023) පැවැති ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවික්ද, කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට බෙලරුසයේ අරීනා සෙබලන්කාද සමත් වූහ. ජොකොවික් මේ වන විට ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 24 ක් දිනා සිටියි. 

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ඉතිහාසයේ වැඩිම පිරිමි කේවල ශූරතා සංඛ්‍යාවක් දිනා ඇත්තේද ජොකොවික් වන අතර ඒ ශූරතා 10 කට හිමිකම් කියමිනි. ඕස්ටේ්‍රලියානු ජාතික මාග්‍රට් කෝට් ශූරතා 11 කට හිමිකම් කියමින් එහි වැඩිම කාන්තා කේවල ශූරතා සංඛ්‍යාවක් දිනා ඇති ක්‍රීඩිකාව බවට පත්ව සිටියි. 

මේ වන විට ලොව වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා සංඛ්‍යාවක් (ශූරතා 24 බැගින්) දිනා සිටින ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙසද ජොකොවික් සහ මාග්‍රට් හැඳින්විය හැකි අතර මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව තමන් සතුකර ගැනීමට ජොකොවික් සමත් වුවහොත් ඔහුට මාග්‍රට් පසුකර යෑමේ අවස්ථාවද හිමිවනු ඇත.  

-036 


අදහස් (0)

ජොකොවික් මාග්‍රට් පසුකර යෑමේ උත්සාහයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.