Last Update  :  2025-06-28 09:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජේ.කේ.අයි. ජාතික කරාතේ තරගාවලිය ඉරිදා කොළඹදී

ජේ.කේ.අයි. ජාතික කරාතේ තරගාවලිය ඉරිදා කොළඹදී

editorial - 2025 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපන් කරාතේ දෝ ඉචියුකායි සංගමය 15 වැනි වරට සංවිධානය කරන ජේ.කේ.අයි. ජාතික කරාතේ තරගාවලිය අනිද්දා (29 වැනිදා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ක්‍රීඩා ලෝලීන්ට මෙම තරගාවලිය නොමිලේ නැරඹීමට සංවිධායකයන් අවස්ථාව සලසා දී තිබේ. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1200 ක් පමණ සහභාගි වන මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඔලිම්පික් ක්‍රීඩා උලෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකළ ජපන් ජාතික ශිගනෝරා සතෝ මහතා සහභාගි වනු ඇත. 

ජපන් කරාතේ දෝ ඉචියුකායි සංගමය වෙනුවෙන් එහි සභාපතිවරයා මෙන්ම හිටපු ජාතික ක්‍රීඩකයකු, ජාත්‍යන්තර විනිසුරුවරයකු, ජාත්‍යන්තර පුහුණුකරුවකු සහ බස්නාහිර පළාත් අමාත්‍යංශයේ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරියකුද වන දේශාධි කුරේ මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවනු ඇත. 

- 036 


අදහස් (0)

ජේ.කේ.අයි. ජාතික කරාතේ තරගාවලිය ඉරිදා කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.