Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජිම්නාස්ටික් ක්‍රීඩාවේ දේශීය ප්‍රවර්ධන කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයට රුපියල් ලක්ෂ 359 ක් නිර්දේශ කර තිබේ.
ඒ හැරෙන්නට ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගනය ජිම්නාස්ටික් පුහුණු කටයුතු සඳහා රුපියල් කෝටි ගණනක වියදමින් අළුත්වැඩියා කරදීමට අමතරව මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය ජිම්නාස්ටික් සංගමයට ලබාදෙන මෙන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ජිම්නාස්ටික් සංගමයට ක්‍රීඩා අමාත්‍යාංශ අරමුදල් ප්‍රදානය කිරීමට අදාළ ගිවිසුම්ගතවීම පෙරේදා (17) ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ත පිටියේදී සිදු කෙරුණි. මහේල ජයවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශයෙන් ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා මෙම රුපියල් ලක්ෂ 359ක (3,59,92,000) මුදල වෙන් කෙරේ.
ජිම්නාස්ටික් සංගමයේ ලේකම් ආර්.ඒ.කේ. ජීවන්ත මහතා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම අවස්ථාවට සහභාගිවූ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ පළමු වතාවට ඔලිම්පික් උළෙලක් සඳහා ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් නිර්දේශවීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනාගත හැකි ක්‍රීඩා ඉසව්වක් ලෙස ‘ජිම්නාස්ටික්’ ක්‍රීඩාව සම්බන්ධයෙන් ධනාත්මක විශ්වාසයක් ගොඩනගා ගෙන තිබෙන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.