Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ජාතික ‘බී’ චෙස් තරගාවලිය මෙම මස 20, 21, 22 යන දිනවල කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තරගාවලිය කාන්තා , පිරිමි ලෙස පැවැත්වේ.
මෙම තරගාවලියට සහභාගීවිය හැක්කේ ලංකාව පුරාම කලාප මට්ටමින් පැවැති තේරීම් තරගවලින් සුදුසුකම් ලබාගත් චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට පමණි.
තරගාවලිය තරග වට දහයකින් සමන්විතය. තරග වට දහයෙන් ලබා ගන්නා ලකුණු පදනම් කරගෙන ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් තෝරා ගනු ලබයි. මෙම තරගාවලියෙන් තෝරාගන්නා චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් එළඹෙන ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලිය සඳහා සහභාගිවීමට අවස්ථාව උදාකර ගනියි.
මෙම තරගාවලියේ පිරිමි ශූරතාවට මුදලින් රුපියල් 75000ක්ද අනුශූරතාවට මුදලින් රුපියල් 40000ක්, තෙවැනි ස්ථානය සඳහා මුදලින් රුපියල් 25000 ක්ද, කාන්තා ශූරතාව සඳහා මුදලින් 50000 ක්ද, අනුශූරතාවට මුදලින් රුපියල් 25000ක්ද, තෙවැනි ස්ථානය සඳහා මුදලින් රුපියල් 15000 ක්ද පිරිනමනු ලබන බව ශ්‍රී ලංකා චෙස් සම්මේලනය කියයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.