Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ඇරඹේ

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ඇරඹේ

editorial - 2023 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය අද (16 වැනිදා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ විය. තරගාවලිය මෙම මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියේ තරග ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී සහ වෙළෙඳ සේවා ක්‍රීඩා සංගම් බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙන අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1700 ක් පමණ තරග බිමට පිවිසෙනු ඇත.  

මෙවර තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන කාණ්ඩ 5 ට අමතරව අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කනිෂ්ඨ තරගකරුවන් සඳහාද තරග පැවැත්වේ.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සඳහා අවුරුදු 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ, 55 න් ඉහළ, 60 න් ඉහළ සහ 65 න් ඉහළ වයස් කාණ්ඩ යටතේ කේවල සහ යුගල තරගද පැවැත්වෙනු ඇත.  

තරගාවලියේ ප්‍රධාන තරග තීරකවරයා ලෙස සංජීව විජේසේකර මහතා කටයුතු කරන අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 20 වැනිදා තරගාවලියේ සමාප්ති උළෙල සහ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.