Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය දෙසැම්බර් 4 දා සිට කොළඹදී

ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය දෙසැම්බර් 4 දා සිට කොළඹදී

editorial - 2023 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 71 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය දෙසැම්බර් මස 4 වැනිදා සිට 10 වැනිදා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මූලස්ථාන ගෘහස්ත ක්‍රීඩාංගණයේදී, වෙළෙඳ සේවා ගෘහස්ත බැඞ්මින්ටන් ක්‍රීඩාංගණයේදී සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ගෘහස්ත බැඞ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

බැඞ්මින්ටන් ජාතික ශ්‍රේණිගතකිරීම් පදනම් කරමින් අද (30 වැනිදා) පෙරවරු 11.00 ට කොළඹ 7, කේම්බි්‍රජ් ටෙරස්හි අංක 2 ස්ථානයේදී තරගාවලියේ තරග පෙළගැස්ම සකස් කිරීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක උත්සවය දෙසැම්බර් මස 4 වැනිදා පැවැත්වෙන අතර මූලික තරග වටයද එදිනම ආරම්භ කෙරෙනු ඇත. 

දෙසැම්බර් මස 5, 6 සහ 7 යන දිනවලදීද මූලික වටයේ තරග පැවැත්වෙන අතර අතර දෙසැම්බර් මස 8 සහ 9 යන දෙදින අවසන් 16 දෙනාගේ වටයේ, අර්ධ අවසන් පූර්ව වටයේ සහ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙනු ඇත. දෙසැම්බර් මස 10 වැනිදා අවසන් තරග පැවැත්වෙන අතර ඉන් අනතුරුව එදිනම ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතය.  

මෙවර තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන කාණ්ඩ 5 ට අමතරව අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කනිෂ්ඨ තරගකරුවන් සඳහාද තරග පැවැත්වේ. 

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සඳහා අවුරුදු 30 න් ඉහළ, 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ, 55 න් ඉහළ, 60 න් ඉහළ, 65 න් ඉහළ සහ 70 න් ඉහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල සහ යුගල තරග පැවැත්වෙනු ඇත. එහිදී තරග බිමට පිවිසීමට නියමිත සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 1000 කට ආසන්න වේ. 

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ රුපියල් මිලියන 2 ක මුදලක් ත්‍යාග වශයෙන් බෙදාදීමට නියමිත අතර මොබිල්, මැක්ෆොයිල්, 3-එම්. රොවින් ඇඞ්ස් ක්‍රේටිව් සර්විසස් සහ ලී-නිං යන සමාගම් සහ ආයතන තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි. 


අදහස් (0)

ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය දෙසැම්බර් 4 දා සිට කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.