Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය ප්‍රසාදිට

ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය ප්‍රසාදිට

editorial - 2023 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

එළඹෙන (2024) ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයට පී.ඩී.එන්. ප්‍රසාදි මහත්මිය පත්කර තිබේ. සිංගප්පූරුවේදී නිමාවට පත්වූ සිව්කොන් ජාත්‍යන්තර තරගාවලියේදී පළමුවරට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඇය මීට පෙර ජාතික කණ්ඩායමේ සහාය පුහුණුකාරිණියක් ලෙසත් කටයුතු කර තිබේ.

ඇය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවකි. වසර 2024ට බලපැවැත්වෙන ඇගේ පත්කිරීම යටතේ ශ්‍රී ලංකාව එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන මීළඟ ආසියානු දැල්පන්දු තරගාවලියට සූදානම් වේ. සහය පුහුණුකාරිණියක් ලෙස කටයුතු කළ ෂශිකා සමරසිංහ මහත්මිය හා කළුතර බාලිකා විදුහලේ දැල්පන්දු පුහුණුකාරිණියක් ලෙස කටයුතු කළ යසන්ති තුෂාරිකා මහත්මිය ද මෙවර ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයට අයදුම් කර තිබුණි.

මේ අතර ජාතික දැල්පන්දු සංචිතයේ මීළඟ තේරීම් හෙට (21) පෙරවරු 8 ට සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වේ. ඒ සඳහා දැනට තේරී සිටින ක්‍රීඩිකාවන් 40 දෙනා හැරෙන්නට අඩි 5 අඟල් 8 සිට උසැති ක්‍රීඩිකාවන්ට ද සහභාගි විය හැකි බව ශ්‍රී ලංකා ද්‍ැල්පන්දු සම්මේලනය පවසයි. මෙහිදී සංචිතය ක්‍රීඩිකාවන් 18කට අඩු  කෙරේ.


අදහස් (0)

ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය ප්‍රසාදිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.