Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික ආධුනික චෙස් තරගාවලිය 4 දා සිට

ජාතික ආධුනික චෙස් තරගාවලිය 4 දා සිට

editorial - 2023 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 9 වැනි ජාතික ආධුනික චෙස් තරගාවලිය අගෝස්තු මස 4 සිට 7 වැනිදා දක්වා මොරටුව කටුබැද්ද එම්.ජේ.එෆ්. මධයස්ථාන ශාලාවේදී පැවැත්වේ.

තරගාවලිය කාන්තා සහ පිරිමි ලෙස පැවැත්වේ.  ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000 ට අඩු චෙස් ක්‍රීඩක  ක්‍රීඩිකාවන්ට මේ තරගාවලියට සහභාගී විය හැකිය.

තරගාවලිය තරග වට නවයකින් සමන්විතය. අගෝස්තු මස 4, 6 සහ 7 යන දිනවල තරග වට දෙකක් තරග වට හයක් පැවැත්වේ. අගෝස්තු මස 5 වැනිදා තරග වට තුනක් පැවැත්වේ.

තරගාවලියේ ශූරයාට, අනු ශූරයාට සහ තෙවැනි ස්ථානයට පිළිවෙළින් රුපියල් 50,000 ක්, රුපියල් 30,000 ක් සහ රුපියල් 20,000 බැගින් මුදලින් ත්‍යාග පිරිනැමේ.

තරගාවලියේ ශූරියට, අනු ශූරියට හා තෙවැනි ස්ථානය සදහා පිළිවෙළින් රුපියල් 30,000 ක්, රුපියල් 20,000 ක් සහ රුපියල් 10,000 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනමන බව සංවිධායකයෝ කියති.


අදහස් (0)

ජාතික ආධුනික චෙස් තරගාවලිය 4 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.