Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික ටෙනිස් ශූරිය මේදිරා

ජාතික ටෙනිස් ශූරිය මේදිරා

ශනුක අරවින්ද - 2017 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 102 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට මේදිරා සමරසිංහ සමත් වූවාය. අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස අනීකා සෙනෙවිරත්න පරාජය කරමින් මේදිරා එම ශූරතාවට හිමිකම් කීවාය.

අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 6/2 ක් ලෙස ජයගත් මේදිරා සමරසිංහ, දෙවැනි වටයෙන්ද ලකුණු 6/2 ක පහසු ජයක් වාර්තා කරමින් මේ වසරේ (2017) ජාතික ටෙනිස් ශූරිය බවට පත් වූවාය.

ඉකුත් වසරේ ජාතික ශූරිය වූ තිසුරි මොල්ලිගොඩට එරෙහිව පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක (5/7, 6/4, 6/3) තියුණු ජයක් වාර්තා කරමින් මේදිරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය. අනීකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තියුණු සටනකින් අනතුරුව වට 2-1 ක් (5/7, 6/2, 6/3) ලෙස සවිනි ජයසූරිය පරාජය කරමිනි.

කේවල අවසන් මහ තරගයේදී මේදිරා හමුවේ පරාජයට පත් වුවද, ජිත්මි ජයවික්‍රම සමග එක්ව කාන්තා යුගල අවසන් මහ තරගය ජයගැනීමට අනීකා සෙනෙවිරත්න සමත් වූවාය. එහිදී ඔවුන් දෙදෙනා හමුවේ වට 2-0 ක් (6/1, 6/1) ලෙස පරාජයට පත් වූයේ අම්රිතා මුත්තයියා සහ මේදිරා සමරසිංහය.

පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් (6/2, 6/3) ලෙස අන්‍යා ගුණවර්ධන සහ ජනාලි මනම්පේරි පරාජය කරමින් ජිත්මි සහ අනීකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. අම්රිතා සහ මේදිරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/0, 6/1) ලෙස ඔෂිනි හේරත් සහ සවිනි ජයසූරිය පරාජය කරමිනි.

 


අදහස් (0)

ජාතික ටෙනිස් ශූරිය මේදිරා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.