Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික දැල්පන්දු සංචිතයට 39 ක්

ජාතික දැල්පන්දු සංචිතයට 39 ක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ෙජ්‍යෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගිවන ශ‍්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම තෝරාගැනීමේ සංචිතයට ක‍්‍රීඩිකාවන් 30 දෙනකු තෝරා ගැණින.

කොළඹ ටොරින්ටන්’හි කෘතිම දැල්පන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (13) පැවැති මෙම තේරීම් තරගවලට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් සහභාගි නොවන බව දැන්වු ක‍්‍රීඩිකාවෝ නව දෙනෙක්ද සංචිතයට ඇතුළත්ව සිටිති. දැල්පන්දු ජාතික සංචිතයේ සිටින ක‍්‍රීඩිකාවන් 66 දෙනකු මෙම තරග සඳහා සහභාගිවී ඇති අතර ඉන් 30 දෙනකු තෝරා ගැනිණ.

වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ ක‍්‍රීඩිකාවන් නව දෙනාද ඇතුඵව 39 දෙනෙක් දැන් සංචිතයට ඇතුළත්ව සිටිති. ඉදිරියේදී සංචිතයේ ක‍්‍රීඩිකාවන් 21 දෙනකු දක්වා අඩු කිරීමට ශ‍්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අපේක්ෂා කරයි.

ආසියානු දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන 10 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා සහභාගිවන රටවල් ගණන 10 කි.


තෝරාගත් ක‍්‍රීඩිකාවෝ 30 දෙනා:

ජයත‍්‍රී උපේන්ද්‍රා (පොලිසිය), ලක්මාලි බණ්ඩාර (නාවික හමුදාව), හසිතා මෙන්ඩිස් (නාවික හමුදාව), යු.ඞී.ඞී.මල්කාන්ති (ගුවන් හමුදාව), එල්. ඞී. ධනංජි (ගුවන් හමුදාව), බුද්ධිනී ද සිල්වා (විශාඛා විදුහල), හංසිමා සපුමාලී (ගුවන් හමුදාව), මල්ෂා සත්සරී රත්නායක (විශාඛා විදුහල), ෂෙරින් නුගේරා (එක්ස් පෝ ලංකා), පී.ඒ.යූ මධුෂානී (යුද හමුදාව), ගයංජලී අමරවංශ (හැටන් නැෂනල් බැංකුව), පී.ඞී. වත්තෙගෙදර (ගුවන් හමුදාව), අනුරුද්ධිකා කුලරත්න (පොලිසිය), ඒ.ඞී.එන්. පෙරේරා (ගුවන් හමුදාව), නිෂානි රණතුංග (ගුවන් හමුදාව), රුවිනි යටිගම්මන (එල්.බී.ෆිනෑන්ස්), හේමමාලා දමයන්ති (යුද හමුදාව), රුක්ෂලා හපුආරච්චි (ගුවන් හමුදාව), සුරේඛා කුමාරි (ගුවන් හමුදාව), නදීශා උදයංගනී (යුද හමුදාව), දුල්මිණී චතුරිකා (ගුවන් හමුදාව), දර්ශිකා අබේවික‍්‍රම (හැටන් නැෂනල් බැංකුව), දුෂානී බණ්ඩාර (නාවික හමුදාව), ඩබ්.පී.එල්. වෛද්‍යරත්න (ගුවන් හමුදාව), විරාජි චාමරිකා (පොලිසිය), ශාමලී රත්නායක (නාවික හමුදාව), ඉරේෂා හංසනී වික‍්‍රමසිංහ (ගුවන් හමුදාව), නිමේෂා මධුෂිනී (ගුවන් හමුදාව), කනිෂ්කා ගයනි දිසානායක (මහවැලි) සහ නදී මධුෂානී ප‍්‍රනාන්දු (කඵතර ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය)


වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ ක‍්‍රීඩිකාවෝ:

ගයනි දිසානායක (නාවික හමුදාව), සේමිණී අල්විස් (වරාය), දීපිකා දර්ශනී (නාවික හමුදාව), තිසාලා අල්ගම (නාවික හමුදාව), නවුජලී රාජපක්ෂ (යුද හමුදාව), ඉෂාරා රුවන් කුමාරී (යුද හමුදාව), භාෂිනී ද සිල්වා (යුද හමුදාව) දිල්ෂානී කබ්රාල් (විහාරමහා දේවි බාලිකා) සහ චතුරංගි ජයසුරිය (ගුවන් හමුදාව)

 


අදහස් (0)

ජාතික දැල්පන්දු සංචිතයට 39 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.