ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 24 වැනි ජාතික කණිෂ්ඨ ස්කොෂ් තරගාවලිය මේ මස 5 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය සඳහා රිට්ස්බරි සමාගම අනුග‍්‍රහය සපයයි.
දින අටක් පුරා පැවැත්වීමට නියමිත මෙම තරගාවලයේදී කණිෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 300 ක් පමණ තරග වැදීමට නියමිතය. තරගාවලිය වයස අවුරුදු 9 න්, 11 න්, 13 න්, 15 න්, 17 න් සහ 19 න් පහළ වශයෙන් බාලක බාලිකා ඉසව් 18 ක් යටතේ පැවැත්වෙන අතර ආධුනික බාලක බාලිකා තරග, වයස අවුරුදු 11 න්, 15 න්, සහ 19 න් පහළ වශයෙන් පැවැත්වේ.
ශී‍්‍ර ලංකාවේ ස්කොෂ් ක‍්‍රීඩාව පාසල් අතරට ගෙනයෑමේ ප‍්‍රධානතම තරගාවලිය මෙය වන අතර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ප‍්‍රකට කරන හැකියාවන් සහ කාර්යසාධනය මත ඔවුන්ට දෙස් විදෙස් සංචාරද හිමිවේ.
”තරගාවලිය යටතේ ආධුනික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා පැවැත්වෙන තරග පිළිමලූන් පිටුදැකීමේ ක‍්‍රමයට කුසපත් ඇදීමකින් තම ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාව තෝරා ගන්නා ක‍්‍රමයකට පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. 19 න් පහළ බාලක බාලිකා තරග සඳහා රවිඳු ලක්සිරි සහ මිහිලියා මෙත්සරණි සහභාගීවීමට නියමිතයි.
රවිඳු සහ මිහිලියා ලංකාවේ බාලක බාලිකා කාණ්ඩයන්ගේ අංක 1 ස්ථානයෙහි පසුවෙනවා. එමෙන්ම වයස අවුරුදු 17 න් පහළ කාණ්ඩයේ ආසියාවේ අංක 3 ස්ථානය හිමි කරගන්නටද මිහිලියා සමත්ව සිටිනවා” යනුවෙන් ශී‍්‍ර ලංකා ස්කොෂ් සම්මේලනයේ උප සභාපති කපිතාන් ලසන්ත ද සිල්වා මහතා පැවසීය.
වයස අවුරුදු 19 න් පහළ බාලක අංශයේ ජයග‍්‍රාහකයා නවීන් පියතිස්ස අභියෝගතා ශූරතාවට ද, එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව හිමිකර ගන්නා ජයග‍්‍රාහිකාව නිරාශා ගුරුගේ අභියෝගතා කුසලානයට ද හිමිකම් කියනු ඇත. කාණ්ඩ 13 ක් යටතේ, නැගී එන ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩාකාව ඇගයීමටද සංවිධායක කමිටුව මෙවර කටයුතු යොදා ඇත.
ඡයාරූපය - රිට්ස්බරි ජාතික කණිෂ්ඨ ස්කොෂ් තරගාවලියේ අනුග‍්‍රාහක චෙක්පත සී. බී. එල්. ෆුඞ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ අලෙවි කළමනාකාර නිලූපුල් ද සිල්වා මහතා ශී‍්‍ර ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති කොමදෝරු පාලිත වීරසිංහ මහතා වෙත ලබා දෙමින්. ශී‍්‍ර ලංකා ස්කොෂ් සම්මේලනයේ උප සභාපති කපිතාන් ලසන්ත ද සිල්වා, නියෝජ්‍ය සන්නාම කළමනාකාර චානක රණතුංග සහ සන්නාම සක‍්‍රීයකරණ කළමනාකාර නලින් ජයසූරිය යන මහත්වරුන්ද මෙහි සිටිති.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.