Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජයලත් - නිලූ ශූරතා දිනති

ජයලත් - නිලූ ශූරතා දිනති

editorial - 2022 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රි ලංකා ගුවන් හමුදාව සහ ‘ඊගල්ස් ගොල්ෆ් ලින්ක්’ එක්ව සංවිධානය කළ ගුවන් හමුදාපති අභියෝග ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශුරතාව දිනාගැනීමට විශ්‍රාමික නාවික හමුදා කපිතාන් ජයලත් පෙරේරා මහතාත්, කාන්තා ශුරතාව දිනාගැනීමට නිලූ ජයතිලක මහත්මියත් සමත් වූහ.

ත්‍රිකුණාමලය, චිනවරාය ගුවන් හමුදා කඳවුරේ පිහිටා තිබෙන ‘ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්’ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රිඩක ක්‍රීඩිකාවෝ 100 ක් පමණ සහභාගි වූහ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ෂණ පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විණ. එහිදී දක්ෂතම ත්‍රිවිද හමුදා ක්‍රීඩකයා ලෙස නාවික හමුදා කොමදෝරු කේ.එම්.එම්.පී. කරුණාතිලක මහතා සම්මාන ලැබීය.

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය කටයුතු කළ අතර ‘ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන්’ සහ ‘ජේ.කේ.ඒ.බී. බීච් රිසෝට්’ යන ආයතනද ඒ සඳහා අනුග්‍රහය සැපයූහ.

 


 

-036

 


අදහස් (0)

ජයලත් - නිලූ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.