ශ‍්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවලිය (2016) මේ මස 25 සහ 26 දෙදින ටොරින්ටන් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ සහ වයස 16 න් පහළ යන වයස් කාණ්ඩ පහකින් බාලක සහ බාලිකා අංශ දෙකින්ම තරග ඉසව් පැවැත්වෙන බව ජිම්නාස්ටික් සංගමයේ ලේකම් උදාර ලියන්වල මහතා පවසයි.
තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම මේ මස 10 වැනිදා අවසන් වන අතර අරුණ ප‍්‍රසාද්, සභාපති, ශ‍්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය, නො: 140/ඒ, පන්සල පාර, මරදාන යන ලිපිනයට යොමු කළ යුතුය.
තරගාවලිය පිළිබ`ද වැඩි විස්තර 0713122713 (තුෂාර ඉන්දික) යන දුරකතන අංක ඇමැතීමෙන් ලබාගත හැකිවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.