ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 49 වැනි ජාතික කැරම් ශූරතාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට චමිල් කුරේද, විවෘත කාන්තා ශූරතා දිනාගැනීමට යසිකා රාහුබද්ධද සමත් වූහ. චමිල් කුරේ ජාතික කැරම් ශූරතාව දිනාගත් 13 වැනි අවස්ථාව මෙය වන අතර යසිකා රාහුබද්ධ ජාතික ශූරතාවට හිමිකම් කී තෙවැනි අවස්ථාව මෙයයි.
පිරිමි කේවල අවසන් මහ තරගයේදී නිෂාන්ත ප්‍රනාන්දු පරාජය කිරීමට චමිල් කුරේ සමත් වුවත්, පිරිමි යුගළ අවසන් මහ තරගයේදී නිෂාන්ත ප්‍රනාන්දු සහ සුරාජ් මදුවන්ත හමුවේ චමිල් කුරේ සහ බි්‍රන්ඞ්ලි වික්‍රමසිංහ පරජයට පත්වූහ.
කාන්තා කේවල අවසන් මහ තරගයේදී චලනි ලක්මාලි පරාජය කළ යසිකා රාහුබද්ධ, කාන්තා යුගළ අවසන් මහ තරගයේදී චලනි ලක්මාලි සමග එක්ව ජෝෂප් රොෂිටා සහ අරෝෂා වික්‍රමසිංහ පරාජය කිරීමට සමත් වූවාය.
කොහුවල කැරම් සම්මේලන මූලස්ථානයේදී දින 9 ක් පුරා පැවැති මෙම තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගළ, කාන්තා කේවල, කාන්තා යුගළ, මිශ්‍ර යුගළ සහ ප්‍රවීන කේවල යන කාණ්ඩ 6 යටතේ තරග පැවැති අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400 ක් පමණ සහභාගි වූහ.
තරග ප්‍රතිඵල
පිරිමි කේවල
චමිල් කුරේ විසින් තරග වට 2-0 ක් ලෙස නිෂාන්ත ප්‍රනාන්දු පරාජය කරන ලදි. (25/09, 25/00)
පිරිමි යුගළ
නිෂාන්ත ප්‍රනාන්දු සහ සුරාජ් මදුවන්ත විසින් තරග වට 2-0 ක් ලෙස චමිල් කුරේ සහ බි්‍රන්ඞ්ලි වික්‍රමසිංහ පරාජය කරන ලදි. (25/11, 25/05)
කාන්තා කේවල
යසිකා රාහුබද්ධ විසින් තරග වට 2-1 ක් ලෙස චලනි ලක්මාලි පරාජය කරන ලදි. (25/01, 24/25, 25/21)
කාන්තා යුගළ
යසිකා රාහුබද්ධ සහ චලනි ලක්මාලි විසින් තරග වට 2-0 ක් ලෙස ජෝෂප් රොෂිටා සහ අරෝෂා වික්‍රමසිංහ පරාජය කරන ලදි. (25/02, 25/04)
මිශ්‍ර යුගළ
ළහිරු ඒෂාන් සහ ජෝෂප් රොෂිටා විසින් තරග වට 2-0 ක් ලෙස හසිත අනුරුද්ධ සහ යසිකා රාහුබද්ධ පරාජය කරන ලදි. (25/18, 25/15)
ප්‍රවීන කේවල
හුනයිඞ් හතීම් විසින් තරග වට 2-0 ක් ලෙස එම්. ඒ. එස්. විමලකීර්ති පරාජය කරන ලදි. (25/06, 25/14)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.