Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චමිල් - යශිකා ශූරතා දිනති

චමිල් - යශිකා ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 16 වැනි සභාපති කුසලාන කැරම් තරගාවලියේදී ජාතික කැරම් ශූර චමිල් කුරේ සහ යශිකා රාහුබද්ධ ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත්වුහ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය කොහුවල ශ්‍රී ලංකා කැරම් සංගම් මුලස්ථානයේදී පසුගියදා අවසන්විය.

නිශාන්ත ප්‍රනාන්දු සමඟ පැවැති පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී තියුණු තරගයකින් පසුව වට 3-2 ක් ලෙස ජය ගැනීමට චමිල් සමත්විය. බි්‍රන්ඞ්ලි වික්‍රමසිංහ සමඟ පිරිමි යුගල ඉසව්වට සහභාගි වු චමිල් ඉන් ජය ගනිමින් ද්විත්ව ශූරතා හිමිකර ගත්තේය.

කාන්තා කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී ජාතික කැරම් ශූරි ජෝශප් රොසිටා පරදවා යශිකා රාහුබද්ධ තරග වට 3-2 ක ජයක් ලැබුවාය. චලනි ලක්මාලි සමඟ කාන්තා යුගල ඉසව්වට සහභාගිවී එම ඉසව්වෙන් ද ශූරතාව දිනා ගැනීමට යශිකා සමත්වුවාය.


අවසන් තරග ප්‍රතිඵල:

පිරිමි කේවළ ඉසව්ව:
චමිල් කුරේ විසින් නිශාන්ත ප්‍රනාන්දු පරාජය කරන ලදී. (25/23,24/25,25/5)
තෙවැනි ස්ථානය: මොහොමඞ් සහීඞ්

කාන්තා කේවළ ඉසව්ව
යශිකා රාහුබද්ධ විසින් ජෝශප් රොසිටා පරාජය කරන ලදී. (25/7, 11/25, 25/23)
තෙවැනි ස්ථානය: චලනි ලක්මාලි

පිරිමි යුගල ඉසව්ව
චමිල් කුරේ සහ බි්‍රන්ඞ්ලි වික්‍රමසිංහ විසින් චරිත් මධුෂංක සහ එම්. ෂෙරිෆ්ඩීන් පරාජය කරන ලදී.  (25/7, 25/8)
තෙවැනි ස්ථානය: නිශාන්ත ප්‍රනාන්දු සහ ළහිරු ඒෂාන්

කාන්තා යුගල ඉසව්ව
යශිකා රාහුබද්ධ සහ චලනි ලක්මාලි විසින් ජෝශප් රොසිටා සහ ජෝශප් දිල්කා පරාජය කරන ලදී.
(25/23, 25/10)
තෙවැනි ස්ථානය: තරුෂි හිමහංසිකා සහ සදිනි නිරාෂා පරාජය කරන ලදී.

 

(වමේ සිට): ජෝශප් රොසිටා, චමිල් කුරේ, යශිකා රාහුබද්ධ සහ නිශාන්ත ප්‍රනාන්දු

 

 


අදහස් (0)

චමිල් - යශිකා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.