Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කටුනායක ටී.කේ.ජී.කපිල )
සමස්ත එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ චන්ද්‍රිකා ද සිල්වා එහිදී රන් පදක්කම් 02 ක් දිනා ගත්තාය. චන්ද්‍රිකා ඊයේ (21 වැනිදා) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියාය
චන්ද්‍රිකා ද සිල්වා වයස අවුරුදු 50 න් ඉහළ කාන්තා කේවළ ඉසව්වේදී සහ වයස අවුරුදු 45 න් ඉහළ මිශ්‍ර යුගළ ඉසව්වේදී රන් පදක්කම් දිනා ගත්තාය.
වයස අවුරුදු 45 න් ඉහළ මිශ්‍ර යුගළ තරගයේදී චන්ද්‍රිකා ද සිල්වා සමග එක්ව ඩෙන්මාර්ක් ක්‍රීඩක මෝර්ටන් රශ්මුෂන් තරග කර තිබුණි .
1919 වසරේ දී ආරම්භ කර ඇති සමස්ථ එංගලන්ත බැඩ්මින්ටන් තරගාවලිය ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අධීක්ෂණය යටතේ එංගලන්ත බැඩ්මින්ටන් ආයතනය මගින් සංවිධානය කරයි. එය එංගලන්තයේ , හැට්ෆීල්ඩ් නුවරදී පසුගිය 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ලෝකයේ රටවල් 15 ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
මෙම ජයග්‍රහණ සමගින් ලබන සැප්තැම්බර් මාසයේදී තායිලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට ද චන්ද්‍රිකා ද සිල්වා සුදුසුකම් ලබා ගෙන තිබේ .
චන්ද්‍රිකා ද සිල්වා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උසස් නිලධාරීයකු ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.