Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගුවන් හමුදා කණ්ඩායමක් පාකිස්තානයට

ගුවන් හමුදා කණ්ඩායමක් පාකිස්තානයට

editorial - 2021 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පනස් අටවැනි ලෝක සන්නද්ධ සේවා ක්‍රිඩා තරගාවලියේ ඉලක්කයට වෙඞ්තැබීමේ තරග සඳහා සභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හෙට (30 වැනිදා) පකිස්ථානයේ ලාහොර් නුවර බලා පිටත්ව යෑමට නියමිතය.

බලඝණ නායක මනොජ් විජේවික්‍රම, බලපංති සැරයන් සඳකැලුම් රණසිංහ, කෝප්‍රල් ප්‍රියන්ජන් දයාවංශ, කෝප්‍රල් ප්‍රසාද් මධුශංක, කොප්‍රල් නිශාන් විතාන, ගුවන් කාන්තා කොප්‍රල් මහේෂිකා වෛද්‍යයරත්න, ගුවන් කාන්තා කොප්‍රල් දීපානි මුදුන්කොත සහ ගුවන් කාන්තා කොප්‍රල් ශිරෝමා ප්‍රියදර්ශනි යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජාතික සහ ජාත්‍යන්තර තරග අත්දැකීම් සහිතව මෙම තරගාවලියට සහභාගි වෙති.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ඉලක්කයට වෙඩිතැබීමේ ක්‍රීඩා සංචිතයේ සභාපති ලෙස ගුවන් කොමදෝරු වරුණ ගුණවර්ධන මහතාත්, ලේකම්වරයා ලෙස බලඝණ නායක මනෝජ් විජේවික්‍රම මහතාත් කටයුතු කරන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස බලඝණ නායක මාධව බණ්ඩාර මහතා කටයුතු කරයි.  

-036

 


අදහස් (0)

ගුවන් හමුදා කණ්ඩායමක් පාකිස්තානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.