Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කොළඹ හිටපු ප්‍රධානීන් තිදෙනකුට තහනම් නිර්දේශ

කොළඹ හිටපු ප්‍රධානීන් තිදෙනකුට තහනම් නිර්දේශ

editorial - 2024 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ හිටපු ප්‍රධානීන් තිදෙනකුට එරෙහිව තහනම් නිර්දේශ ඉදිරිපත් කරමින් ඔවුන් ඉදිරි නිලවරණයන්ට ඉදිරිපත් වීම නීති විරෝධී විය හැකි යැයි දක්වමින් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ (හිටපු) සභාපති සරත් හේවාවිතාරණ මහතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කර තිබේ.

කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ හිටපු සභාපතිවරයකු වන නිරෝෂන් සංජීව පෙරේරා, එහි හිටපු ලේකම්වරයකු වන එම්.එම්. ලක්ෂ්මන් හා එහි හිටපු උප සභාපතිවරයකු වන සමන් දිනේෂ් කුමාර යන මහත්වරුන්ට එරෙහිව එම සංගමයේ විනය කමිටුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව මල්ලවපොර සම්මේලනයේ හිටපු සභාපතිවරයා එම ලිපිය ඔහුට යොමු කර තිබේ.

විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබූ මෙම ඉහත හිටපු නිලධාරීන්ට මතු මල්ලවපොර නිලවරණ පාදක කර ගනිමින් පත්කර ගන්නා තනතුරු දැරීම තහනම් කරමින් කොළඹ සංගමය ඔවුන්ට තහනම් නියෝග නිකුත් කර ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මල්ලවපොර සම්මේලනයේ හිටපු සභාපති සරත් හේවාවිතාරණ මහතාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ. මේ සම්බන්ධයෙන් මල්ලවපොර සම්මේලනයේ හිටපු ලේකම් අජන්ත රත්නායක මහතාට කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ විනය කමිටුව විසින් යොමු කරන ලද ලිපි, ලිඛිත සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකි බවත් එම ලිපියේ සඳහන් වේ.

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ මීළඟ නිලවරණය (2024-26) මෙම වසරට යෙදී තිබෙන අතර තමා නැවත සභාපති ධුරයට නාමයෝජනා බාර දෙන බව මේ අතර සරත් හේවාවිතාරණ මහතා පවසයි. 

මේ අතර කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ හිටපු ලේකම් එච්.එම්. ලක්ෂ්මන් මහතා නොබෝදා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට ලිපියක් යොමු කරමින් චෝදනා කරන්නේ, පසුගිය 2021-23 පාලන කාලය හෙබ වූ මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් එකී කාලය තුළදී කිසිදු දේශීය තරගාවලියක් පවත්වා නැති බවත්ය.

එහිදී 2023 ජනවාරි මාසයේ සිට මල්ලවපොර සම්මේලනයේ ලේකම් ධුරය හිස්ව තබා ගැනීම වරදක් බවත් ඔහු ක්‍රීඩා ඇමැතිවරයාට පෙන්වා දී තිබේ. 


අදහස් (0)

කොළඹ හිටපු ප්‍රධානීන් තිදෙනකුට තහනම් නිර්දේශ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.