Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කොල්වින් - ජූඩ් වෙඩි තැබීමෙන් දිනති

කොල්වින් - ජූඩ් වෙඩි තැබීමෙන් දිනති

editorial - 2026 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඳුරට වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ‘ෂාප් ෂූටර්ස් - 2026‘ වෙඩි තැබීමේ ශූරතාවලිය පසුගියදා කඳුරට වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයට අයත් හන්තාන වෙඩි පිටියේදී පැවැත්විණ.

මෙම තරගාවලියට සහභාගි වූ සියනෑ වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ කොල්වින් පෙරේරා විශාල බැරල ජ්‍යෙෂ්ඨ ඉසව්වෙන් පළමු ස්ථානය දිනාගත්තේය. සියනෑ ක්‍රීඩා සමාජයේම ජූඩ් සිරිවර්ධන තුන්වැනි ස්ථානය හිමිකර ගත්තේය.

වයස 14 න් පහළ කනිෂ්ඨ අංශයෙන් තරග කළ නිවුන් සොහොයුරු සොහොයුරියන් වන මන්තුල කුලතිලක පළමු ස්ථානය දිනාගත් අතර මන්තුලී කුලතිලක දෙවැනි ස්ථානය ද දිනාගත්තාය.

සියනෑ වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපතිවරයා වශයෙන් අනිල් රණතුංග මහතා ද ලේකම්වරයා වශයෙන් ප්‍රියන්ජන් වන්නිආරච්චි මහතා ද කටයුතු කරති.

 

ජූඩ් සිරිවර්ධන, මන්තුල කුලතිලක, මන්තුලී කුලතිලක සහ කොල්වින් පෙරේරා දිනාගත් පදක්කම් ද සමගින් ඡායාරූපයකට පෙනී සිටි අයුරු


අදහස් (0)

කොල්වින් - ජූඩ් වෙඩි තැබීමෙන් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.