Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කුසලානය පෙනි පෙනී ජොකොවික් පරදී

කුසලානය පෙනි පෙනී ජොකොවික් පරදී

editorial - 2024 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේදී තම 25 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව සොයායමින් සිටි නොවැක් ජොකොවික් ඉතාලි ජාතික යැනිස් සිනර් විසින් පරාජය කරන ලදි. අද (26 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී වට 3-1 ක් ලෙසින් ජොකොවික් පරාජය කළ යැනික් සිනර් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

අවසන් පූර්ව තරගයේ ලකුණු සටහන් වූයේ 6-1, 6-2, 6-7(6/8) සහ 6-3 ක් ආකාරයෙනි. අද ලැබූ පරාජය වසර 6 කට පසුව, ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේදී ජොකොවික් අත්විඳි පළමු පරාජයයි.
 
නොවැක් ජොකොවික් 10 වතාවක් ඕස්ටේ්‍රලියානු විවෘත ශූරතාව දිනා ඇති අයෙකි. එහෙත් 22 හැවිරිදි සිනර් පැවසුවේ, පසුගිය වසරේ විම්බල්ඩන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ජොකොවික් හමුවේ ලැබූ පරාජයෙන් තමා පාඩමක් ඉගෙන ගත් බවයි. 

එය මීට පෙර ග්‍රෑන්ඞ් ස්ලෑම් තරඟාවලියදී සිනර් ලබාගත් ඉහළම සාර්ථකත්වය ද විය. 

කෙසේ වෙතත් 36 හැවිරිදි නොවැක් ජොකොවික් කීවේ මෙම පරාජය නිසා තමන් ටෙනිස් පිටියෙන් සමුගන්නේ නැති බවයි. ලබන වසරේත් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව සඳහා තමන් නැවත පැමිණෙන බවටත් ජොකොවික් කීවේය. 

ලෝකයේ වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයන් අතර නොවැක් යොකොවික් (24) ඉදිරියෙන් සිටින නමුත් මාගරට් කෝට්ගේ ජයග්‍රහණ 24 වාර්තාවෙන් තවත් එකක් ඉදිරියට යාම යොකොවික්ගේ අපේක්‍ෂාව වී තිබේ. 

- 213

ඡායාරූපය - ප්‍රංශ පුවත් සේවයෙනි


අදහස් (0)

කුසලානය පෙනි පෙනී ජොකොවික් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.