Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කැරම් තරගාවලියට අයැදුම්පත්

කැරම් තරගාවලියට අයැදුම්පත්

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සංවිධානය කරන මධ්‍යම පළාත් කැරම් තරගාවලියට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම මෙම 12 වැනිදා අවසන්වේ. තරගාවලිය මෙම 21 වැනිදා පෙරවරු 8.00 සිට මහනුවර තරුණ ක්‍රිස්තියානි සංගම් මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

සැප්තැම්බර් මස යාපනයේදී පැවැත්වීමට නියමිත 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කැරම් තරගාවලියට සහභාගිවන මධ්‍යම පළාත් කැරම් කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අරමුණින් සංවිධානය කරයි.
ශ්‍රී ලංකා කැරම් සම්මේලන නිලධාරීන්ගේ අධීක්‍ෂණයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. එම්.ජී.හේමන්ත මහතා මෙහෙයවයි.

මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වල ස්ථිර පදිංචි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සඳහා සහභාගිවිය හැකි අතර අයැදුම්පත් දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී කාර්යාල සහ මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවට බාර දිය යුතුය.
 වයස් සීමාවකින් තොරව පිරිමි සහ කාන්තා කේවළ ඉසව්වෙන් තරග පැවැත්වේ. මේ පිළිබඳ වැඩි විස්තර 0723422025 යන දුරකතන අංක ඇමැතීමෙන් ලබාගත හැකිය.

 


අදහස් (0)

කැරම් තරගාවලියට අයැදුම්පත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.