Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විසි එක් වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉසව් ආරම්භක දිනය වූ අද (5 වැනිදා) පැවැති මේසපන්දු (පිරිමි) කණ්ඩායම් තරගයකදී 3-1 කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට කැනඩාව සමත් විය.
ශ්‍රී ලංකා සහ කැනඩාව අතර අද පැවැති මූලික වටයේ කණ්ඩායම් තරගය කේවල තරග 4 කින් සහ යුගල තරගයකින් සමන්විත විය. ඉන් ශ්‍රී ලංකාවට ජයගත හැකි වූයේ යුගල තරගය පමණි. එහිදී නිර්මල ජයසිංහ සහ රොහාන් සිරිසේන එක්ව කැනඩා යුගල කණ්ඩායමට එරෙහිව වට 3-1 ජයක් වාර්තා කළහ.
කේවල තරග 4 න් 3 ක්ම ජයගැනීමට කැනඩා කණ්ඩායම සමත් වීම නිසා ඔවුන්ට සමස්ත තරගයෙන් 3-1 ක ජයක් හිමිවිය. ඒ හේතුවෙන් අවසන් කේවල තරගය අත්හැර දැමිණ. කේවල තරගවලදී ප්‍රතීවාදීන් එරෙහිව එක් තරග වටයක් හෝ ජයගැනීමට සමත් වූයේ උදය රණසිංහ පමණි.
ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පැවැති තරගය
සෙන් වැන්ග් (කැනඩාව) විසින් වට 3-0 ක් ලෙස රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/5, 11/7, 11/1)
මාර්කෝ මෙඞ්ජුගොරැක් (කැනඩාව) විසින් වට 3-1 ක් ලෙස උදය රණසිංහ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (7/11, 11/7, 11/8, 11/3)
නිර්මල ජයසිංහ සහ රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) විසින් වට 3-1 ක් ලෙසඇටෝනි බර්නඩෙට් සහ මාර්කෝ මෙඞ්ජුගොරැක් (කැනඩාව) පරාජය කරන ලදහ. (11/9, 11/5, 5/11, 12/10)
සෙන් වැන්ග් (කැනඩාව) විසින් වට 3-0 ක් ලෙස නිර්මල ජයසිංහ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/3, 11/7, 11/1)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.