ආසියානු කබඩි සම්මේලනය සංවිධානය කරන සිවුවැනි ආසියානු කාන්තා කබඩි තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව ගියේය. තරගාවලිය ජුලි මස 1 වැනිදා සිට 3 වැනිදා දක්වා කොරියාවේ බූසාන් නගරයේදී පැවැත්වේ.
මෙම වසරේ ඉන්දියාවේ පැවැති 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම:
ආර්.පී.එම්.චතුරිකා, ඒ. පී.එම්.හංසමාලී, එල්. පී.එම්.පත්මසිරි, ජී.එස්.එම්.ජයසිංහ, ජී.කේ.හේරත්, ටී.එම්.විජේතිලක, ඞී.එච්.බුද්ධිකා, පී.එම්.තිලක්ෂණී, අයි.එස්.විජේතුංග, එම්.එන්.විජේකෝන්,
නිලධාරීහු:
එල්.බී. රත්නායක මහතා (ලේකම්), ඞී. එස්.ගුණසේකර මහතා (කළමනාකරු), කේ.පී.පෙරේරා මහතා (තාක්‍ෂණ නිලධාරී), එම්. ටී. සමරකෝන් මහතා (පුහුණුකරු)
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.