Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රීඩා ශූරතාව ජ’පුර සරසවියට

ක්‍රීඩා ශූරතාව ජ’පුර සරසවියට

Nisanka Sandeepani - 2017 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත් විය. ඉසව් 13 ක ශූරතා දිනාගනිමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේ සමස්ත ශූරතාවට හිමිකම් කීහ. 

ක්‍රිකට්, හොකී (කාන්තා), බැඞ්මින්ටන් (පිරිමි), බැඞ්මින්ටන් (කාන්තා), ටයිකොන්ඩෝ (පිරිමි), ටයිකොන්ඩෝ (කාන්තා), මලල ක්‍රීඩා (පිරිමි), චෙස් (පිරිමි), පිහිනුම් (කාන්තා), මාර්ග ධාවන, දැල් පන්දු, පැසි පන්දු (පිරිමි) සහ පැසි පන්දු (කාන්තා) යන ක්‍රීඩා වලදී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් ශූරතා දිනාගන්නා ලදි. 

මේස පන්දු (පිරිමි), මේස පන්දු (කාන්තා), එල්ලේ පිරිමි), එල්ලේ (කාන්තා), ටෙනිස් (පිරිමි) සහ කරාටේ (කාන්තා) යන ඉසව් වල අනුශූරතා හිමිකරගත් ජ’පුර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, වොලිබෝල් (පිරිමි), කරාටේ (පිරිමි), කැරම් (කාන්තා), ටෙනිස් (කාන්තා), පිහිනුම් (පිරිමි) සහ චෙස් (කාන්තා) යන ඉසව් වල තෙවැනි ස්ථානද හිමිකරගත්හ. 

පාපන්දු, රග්බි, බර ඉසිලීම සහ මලල ක්‍රීඩා (කාන්තා) යන ඉසව් වල අවසන් පූර්ව වටයද, වොලිබෝල් (කාන්තා), හොකී (පිරිමි) සහ බේස් බෝල් යන ඉසව් වල අර්ධ අවසන් පූර්ව වටයද, සුදුසුකම් ලබාගැනීමට ඔවුහු සමත් වූහ. 

 - 036


අදහස් (0)

ක්‍රීඩා ශූරතාව ජ’පුර සරසවියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.