Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රිෂාන්ට - මුතුමාලිට සම්මාන

ක්‍රිෂාන්ට - මුතුමාලිට සම්මාන

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සබරගමු පළාත් මහ ඇමති ‘මහීපාල හේරත්’ අභියෝග ශූරතා කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ ක්‍රිෂාන් වික්‍රමරත්නත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ මුතුමාලි ප්‍රියදර්ෂණීත් සම්මාන දිනාගත්හ.

බාලක වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී තරග වට 3-1 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ පරාජය කරමින් ක්‍රිෂාන් වික්‍රමරත්න තරගාවලියේ ක්‍රීඩකයා බවට පත්විය.

මුතුමාලි ප්‍රියදර්ෂණි දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ බාලිකා වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී තරග වට 3-1 ක් ලෙස කොළඹ විශාකා විදුහලේ චමත්සරා ප්‍රනාන්දු පරාජය කරමිනි.

කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් කෑගලු විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.


බාලක තරග ප්‍රතිඵල

■    වයස 10 න් පහළ
හසිර දිනුසර (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස රුවිෂිත ප්‍රනාන්දු (කෑගල්ල ශාන්ත මරියා විදුහල) පරාජය කරන ලදි. (11/9, 11/7, 8/11, 12/10)

■    වයස 12 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චානුක ශ්‍රී බණ්ඩාර (කෑගල්ල ශාන්ත මරියා විදුහල) පරාජය කරන ලදි. (11/6, 8/11, 11/5, 11/3)

■    වයස 15 න් පහළ
තේනුක ධනංජය (කෑගලු විද්‍යාලය) විසින් තරග වට 3-2  ක් ලෙස තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/9, 11/4, 4/11, 9/11, 11/8)

    වයස 18 න් පහළ
ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/9, 11/7, 4/11, 11/8)


බාලිකා තරග ප්‍රතිඵල

■    වයස 10 න් පහළ
ෆාත්මා අලී (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස හේෂි නිර්මි (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/9, 12/10, 11/13, 11/5)  

■    වයස 12 න් පහළ
නදිති රෙහන්සා (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල)  පරාජය කරන ලදි. (11/9, 11/8, 6/11, 9/11, 11/9)

■    වයස 15 න් පහළ
ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ඩී. එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) පරාජය කරන ලදි. (2/11, 11/8, 11/7, 11/5)

■    වයස 18 න් පහළ
මුතුමාලි ප්‍රියදර්ශනී (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/7, 8/11, 11/9, 11/5)

 

ක්‍රිෂාන් වික්‍රමරත්න දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය
කනක හේරත් මහතා අතින් ලබාගනිමින්..

මුතුමාලි ප්‍රියදර්ශනී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය කනක හේරත් මහතා අතින් ලබාගනිමින්..

 

 


 

 


අදහස් (0)

ක්‍රිෂාන්ට - මුතුමාලිට සම්මාන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.