Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කටුනායක ටී. කේ. ජී. කපිල )
පළමු වැනි ලෝක ශූරතා ප්‍රායෝගික රයිෆල් සහ කාබයින් පිස්තෝල මාදිලියේ කෙටි රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයල් ලියනගේ , එම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තුන් වන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගෙන තිබේ. කයල් ලියනගේ ඊයේ උදෑසන නැවත මව්බිමට පැමිණියේය.
මෙම තරගාවලිය චෙක් ජනරජයේ සනෝයිමෝ ( Znojmo ) නුවරදී පැවැත්විණ. ලෝකයේ රටවල් 64 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1,095 ක් දෙනෙක් ඊට සහභාගි වූහ.
කයල් ලියනගේ තවමත් 12 හැවිරිදි වියේ පසුවන අතර කොළඹ ජාත්‍යන්තර පාසැලක 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසැල් සිසුවෙකි .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.