Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කබඩි ලෝකඩ පදක්කම් දෙකක්

කබඩි ලෝකඩ පදක්කම් දෙකක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් හිමිවිය. පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබු ශ‍්‍රී ලංකා කබඩි කණ්ඩායම් එහිදී අවාසනාවන්ත ලෙස පරාජය වෙමින් ලෝකඩ පදක්කම් ලැබුහ.

1998 වසරින් පසුව සාග් ක‍්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනා ගැනීමට අපොහොසත්ව සිටි ශ‍්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායමට මෙවර ලෝකඩ පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව හිමිවිය.

සාග් ක‍්‍රීඩා ඉතිහාසයේ මෙන්ම ජාත්‍යන්තර තරග බිමේදී පාකිස්තානය සහ බංග්ලාදේශය පරාජය කිරීමට නොහැකි ව සිටි ශ‍්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම මෙවර එම රටවල් දෙකම පරදවමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීම කැපී පෙනිණ.

පිරිමි අවසන් පුර්ව තරගයේදී පාකිස්තානය යළිත් මුණ ගැසුණු අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම එම තරගයෙන් ලකුණු 22-11 ක පරාජයක් ලැබීය.

මුලික වටයේදී බංග්ලාදේශය පරදවා ලකුණු 24 /16 ක ජයක් ලබාගත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පාකිස්තානය ලකුණු 14/13 ක් ලෙස පරාජය කළහ.

රන් පදක්කම නැතත් පහසුවෙන් රිදී පදක්කමක් දිනාගැනීමේ හැකියාවක් තිබු ශ‍්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමට අවසන් පුර්ව තරගයේදී ලකුණු 18/16 ක අනපේක්ෂිත පරාජයක් අත්විය. තරගයේදී අවාසි සහගත විනිශ්චයක් ශ‍්‍රී ලංකාවට ලැබුණ බව දන්වමින් සාග් කබඩි තරග සංවිධායකයන්ට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද ශ‍්‍රී ලංකා නිළධාරීන් කටයුතු කර ඇතැයි ද වාර්තාවේ.

2006 වසරේ කොළඹ පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියෙන් කාන්තා රිදී පදක්කම දිනාගත් ශ‍්‍රී ලංකාව 2010 වසරේ ඩකා ක‍්‍රීඩා උළෙලේදී ලැබුවේ ද ලෝකඩ පදක්කමයි.


- 090

 


අදහස් (0)

කබඩි ලෝකඩ පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.