Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කබඩි කණ්ඩායම් දෙකම පදක්කමක් අබියස

කබඩි කණ්ඩායම් දෙකම පදක්කමක් අබියස

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියේ පිරිමි සහ කාන්තා අංශ දෙකින්ම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කබඩි කණ්ඩායම් සමත්ව සිටිති. ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා කබඩි කණ්ඩායම් මුලික වටයේ තරගවලදී ඉන්දියාවට පමණක් පරාජය වී ඉදිරියට පැමිණීම කැපී පෙනේ.

සාග් ක‍්‍රීඩා ඉතිහාසයේ මෙන්ම ජාත්‍යන්තර තරග බිමේදී පාකිස්තානය සහ බංග්ලාදේශය පරාජය කිරීමට නොහැකි වු ශ‍්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම මෙවර එම රටවල් දෙකම පරදවමින් ඉදිරියට පැමිණ සිටියි. පළමු තරගයෙන් බංග්ලාදේශය පරදවා ලකුණු 24/16 ක ජයක් ලබාගත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ දෙවැනි තරගයේදී පාකිස්තානය පරදවා ලකුණු 14/13 ක තියුණු ජයක් ලැබුහ.

පාකිස්තානය ලෝක කබඩි ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින අතර ඉන්දියාව එහි පළමු ස්ථානයේ පසුවෙයි. මුලික වටයේ ඉන්දියාව සමග පැවැති පිරිමි තරගයෙන් ශ‍්‍රී ලංකාව ලකුණු 35-21 ක් ලෙස පරාජය ලැබීය.

1998 වසරින් පසුව සාග් ක‍්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනා ගැනීමට අපොහොසත්ව සිටින ශ‍්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායමට මෙවර ලෝකඩ පදක්කමක් හෝ  දිනා ගැනීමේ අවස්ථාව උදාවී තිබේ.

කාන්තා කබඩි තරගාවලියේ අවසන් පුර්ව තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකාව තරග වැදීමට නියමිතය. 2006 වසරේ කොළඹ පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියෙන් කාන්තා රිදී පදක්කම දිනාගත් ශ‍්‍රී ලංකාවට 2010 වසරේදී ඩකා ක‍්‍රීඩා උළෙලේදී හිමි වුයේ ලෝකඩ පදක්කමයි.

සාග් කබඩි තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට (14 වැනිදා) අවසන් තරග මේ මස 15 වැනිදා ද පැවැත්වීමට නියමිතය.


- 090

 


අදහස් (0)

කබඩි කණ්ඩායම් දෙකම පදක්කමක් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.