Last Update  :  2025-08-23 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කනිෂ්ඨ බැඩ්මින්ටන් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 04 ක් යුරෝපා සංචාරයක

කනිෂ්ඨ බැඩ්මින්ටන් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 04 ක් යුරෝපා සංචාරයක

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් තරගාවලියට අවශ්‍ය පරිසාධන මට්ටමට ළගා වීම සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කනිෂ්ඨ බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් තිදෙනකු සහ ක‍්‍රීඩිකාවක, යුරෝපා මහද්වීපය පුරා පැවැත්වෙන තරගාවලි 05 කට සහභාගී කරවීමට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය තීරණය කර ඇත.

ඒ අනුව තරගාවලි 05 ට සහභාගීවීම සඳහා බුවනෙක ගුණතිලක, කමෝද් හැලඹගේ, සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.

හෙට(6 වැනිදා) සිට මාර්තු මස 11 වැනිදා දක්වා  තරග සංචාරය අතරතුර දී හංගේරියාව,  ඕස්ටේ‍්‍රලියාව, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ ජර්මනිය යන රට වලදී තරග පැවැත්වේ.

මේ වන විට අන්තර්ජාතික ජාතික කනිෂ්ඨ බැඞ්මින්ටන් කේවල ශ්‍රේණිගත කිරීම් වලට අනුව බුවනෙක ගුණතිලක (රිච්මන්ඞ් විද්‍යාලය) 33 වැනි ස්ථානයේද, තිළිණි හෙන්දහේවා (විශාඛා විද්‍යාලය) 57 වැනි ස්ථානයේද, කමෝද් හැලඹගේ (ගේට්වේ ජාත්‍යන්තර විද්‍යාලය) 78 වැනි ස්ථානයේද, සචින් ඩයස් (ශාන්ත සෙබස්තියන් විද්‍යාලය) 81 වැනි ස්ථානයේද පසුවෙති. තවද බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් යුගල ශ්‍රේණිගත කිරීම් වලට අනුව  ලොව 36 වැනි ස්ථානයේ රැදීසිටිති.

තරග සංචාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු හා කළමනාකරු ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශයේ (ක‍්‍රීඩා ශක්ති) ප‍්‍රධාන බැඞ්මින්ටන් පුහුණුකරු පවිත‍්‍ර අබේසිරි ගුණවර්ධන මහතා සහභාගී වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන තරග සංචාර

01. හංගේරියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය - පෙබරවාරි මස 06 වැනිදා සිට 09 වැනිදා දක්වා.
02.  ඕස්ටේ‍්‍රයානු අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය - පෙබරවාරි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා.
03. ස්පාඤ්ඤ කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය - පෙබරවාරි මස 21 වැනිදා සිට 23 වැනිදා දක්වා.
04. නෙදර්ලන්ත කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය - පෙබරවාරි මස 26 වැනිදා සිට මාර්තු මස 2 වැනිදා දක්වා.
05. ජර්මනි කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය - මාර්තු මස 6 වැනිදා සිට 9 වැනිදා දක්වා.

036


අදහස් (0)

කනිෂ්ඨ බැඩ්මින්ටන් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 04 ක් යුරෝපා සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.